- File photo |
අමිල ගුණරත්න
විවාහයට පෙර විවාහාපේක්ෂිත යුවළගේ රුධිර පරීක්ෂාව අනිවාර්ය කිරීමට නීති ගෙන එන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. තැලසීමියා වාහක විවාහ වළක්වාලීම මෙම රුධිර පරීක්ෂාවේ අරමුණ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පෙන්වාදෙයි. වසරකදී විවාහ 150,000ක් පමණ සිදු වන බවත් ඉන් තැලසීමියා අවදානම් සහිත විවාහ 160ක් පමණ සිදු වන බවත් හෙතෙම සඳහන් කරයි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ තැලසීමියා ඒකකයේ දී මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේය. වැඩිදුර කරුණු දක්වන ඔහු , රුධිර පරීක්ෂාවකින් ලබාගන්නා අවදානම් තොරතුරු සම්බන්ධව විවාහ රෙජිස්ට්‍රාර්වරුන් දැනුවත් කිරීම ද, ඒ ඔස්සේ විවාහ වන යුවළ තැලසීමියා වාහකයන් නිසා උපදින දරුවන් අවදානම් ජීවිතයකට මුහුණපාන බව දැනුවත් කිරීම කෙරෙහි ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙන බවත් , තැලසීමියා රෝගී ලැයිස්තුවට අලුතින් රෝගී දරුවන් 80 දෙනෙක් පමණ වසරකදී එක්වීම සිදුවන බවත් පවසයි. මෙසේ රෝගීන් එක් වීම වළක්වා ගත හැක්කේ තැලසීමියා වාහකයන් දෙදෙනෙකු අතර සිදුවන විවාහ වළක්වාලීමෙනි. වසරකදී සිදුවන විවාහ 150,000ට අනුව ලක්ෂ තුනකගේ පමණ රුධිර පරීක්ෂාව සිදු කළ යුතුය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසන දේ සත්‍යය. නමුත් එය ක්‍රියාත්මක කිරීමට යන්නේ තලිබාන් නීතිය අනුව නම් එය අනිවාර්යෙන්ම මූලධර්මවාදය යටතේ කෙරෙන්නෙකි. මිනිසාගේ හැසිරීමට තහනම් පැනවීමෙන් සහ අනිවාර්ය කිරීමෙන් මෙරට සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක කල හැකි බව මහීපාල මහතා සිතන්නේ නම් ඒ මහතාට වැඩිපුරම ගැලපෙන්නේ ඉරානය වැනි රටක් ය. මන්ද එවැනි රටවල ජීවිතය ඉතා සරලය. එක්කෝ තහනම්ය නැතිනම් අනිවාර්යය. හැසිරීමට තහනම් පැනවීමෙන් සහ අනිවාර්ය කිරීමෙන් මෙරට සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක කල හැකි නම් පහත නීතිද ක්‍රියාත්මක කරන්න.
1) වැඩිපුර තෙල් කෑම තහනම් කිරීම සහ වරින් වර රුධිර පරික්ෂා කිරීමෙන් මිනිසුන් වැඩිපුර තෙල් කන්නේද පරික්ෂා කිරීම
2) දිනකට පැයක් වියායාම කිරීම අනිවාර්ය කිරීම සහ කඩා පනින හමුදා මගින් එය පරික්ෂා කිරීම
3) මිනිසුන් දත් නිසි ආකාරව මදින්නේදැයි පරික්ෂා කිරීම (එයද කඩා පනින පනින හමුදා මගින් එය පරික්ෂා කල හැක)
මෙලෙස දිගටම ලැයිස්තුවවක් ලිවිය හැකිය
අවසානයේදී තහංචි පැනවීමෙන් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගත හැකි නිසා අපට සෞඛ්‍ය අධ්‍යාපන සේවයක් අවශ්‍ය නැත. එම කාර්යාල වසා දමා නිලධාරීන් වෙනත් සේවා වලට (කඩා පනින පනින හමුදාවට) අනියුක්ත කල හැක.
Post a Comment