ඉරාකයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලදාරීන් අවම වශයෙන් 13 දෙනෙකු මරමුවට පත් වූ බව වාර්තා වේ. පුපුරන ද්රවිය පුරවා තිබු මොටෝර්රතයක් හීලා හි පොලිස් ස්ථානයක් ඉදිරිපිටට ගෙනවිත් මෙම පුපුරුවා ගැනීම සිදුකරගෙන ඇත.
තවත් නිලදාරීන් 50 ක් පමණ තුවාල ලබා ඇත. සේවා මුර සදහා පොලිස් නිලදාරීන් මාරුවෙමින් තිබියදී බෝම්බකරු සිය වාහනය පොලිස් මුලස්ථානය ඉදිරියට පදවා ගෙනවිත් මෙම පුපුරුවාගැනීම සිදු කරන ලදී.
මෙය ඉරාක වේලාවෙන් අද උදේ 07 ට සිදුව ඇත.
ආරක්ෂක අංශ පිපිරිම සිදුවූ ස්ථානයේ වැටලීම් සිදුකල අතර මද්දයවේදීන්ට අදාල ප්‍රදේශයට ඇතුළු වීම තහනම් කරන ලදී.
ඉරාකයේ ප්‍රචණ්ඩ ක්‍රියාවල යම් පහත වැටීමක් ඇති නමුත් එල්ලවන ප්‍රහාර සුලබ වී ඇත. නිල සංකයාලේකන වලට අනුව අප්‍රියෙල් මාසයේ ඉරාකයේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා වලින් 211 ක් මරමුවට පත් විය.
අල් ජසීරා ඇසුරෙන්
- හර්ෂි -
Home worldview ඉරාකයේ පොලිස් නිලදාරීන් 13 ක් මරණයට පත්වී ඇත.
ඉරාකයේ පොලිස් නිලදාරීන් 13 ක් මරණයට පත්වී ඇත.
By Anonymous • May 05, 2011 • Harshi C. Perera worldview • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment