ලිබියාවේ මානව හිමිකම් කඩවීම් සෙවීමට යු. එන්. කණ්ඩායමක්

ලිබියාවේ පෙබරවාරි මාසයේ ගැටුම් ආරම්බ විය. ඒ අවස්ථාවේ සිට සිදුවන මානව හිමිකම් කඩවීම් විමර්ශනයට එක්සත් ජාතීන්ගේ(යු එන්) කණ්ඩායමක් අගනුවර වූ ට්‍රිපොලි වෙත පැමිණ ඇත.
ලිබියානු ආණ්ඩුව විරෝදතකරුවන් මර්දනය කිරීම නිසා මෙම කණ්ඩායම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් පත්කර ඇත.

නමුත් ආණ්ඩුව තමන් මෙම විමර්ශන වලට සහය දෙන බව කියා සිටියි.

විමර්ශකයින් තිදෙනා කියා සිටින්නේ තමන් සියලු අපචාර එනම් ආණ්ඩුව චෝදනා කරන කැරලිකරුවන් සහ නේටෝ හමුදා සිදුකල අපරාදයන්ද සොයා බලන බවයි.

නමුත් ඔවුන්ට දී ඇති වරමට අනුව ප්‍රමුකතාව හිමි වන්නේ නායක ගඩාපිගේ හමුදා සිදුකල මානව හිමිකම් උල්ලංගනය විමර්ශනය කිරීමටයි.

අතුරුදහන් කිරීම්, වදහිංසා පැමිණවීම සහ විරෝදතාකරුවන් මරා දැමීම පිළිබද විශ්වසනීය වාර්තා ඇති බව ඒ රට මද්දයවේදීන් ප්‍රකාශ කරති. මානව හිමිකම් කණ්ඩායම් හෙළිදරවු කරන ආකාරයට මේවන විට පුද්ගලයින් 1000 ක් පමණ මියගොස් විශාල සංක්‍යාවක් තුවාල ලබා ඇත.

ලිබියාවට එරෙහිව යුද අපරාද චෝදනා ඇත්දැයි සොයා බලන ලෙස යු එන් ආරක්ෂක මණ්ඩලය ජාත්‍යන්තර අපරාද අදිකරණයෙන් ඉල්ලා ඇත.

බි බි සි ඇසුරෙන්
- හර්ෂි - Tell a Friend