හර්ෂි සි. පෙරේරා
මගේ නම විතානගමගේ රන්ජන්. වයස අවුරුදු 40 යයි. කුලී වැඩ කරන්නේ. විවාහකයි. දරුවන් 06 ක් සිටිනවා.04 ක් ඉස්කෝලේ යනවා. බිරිද රැකියාවක් කරන්නේ නැහැ. මම කුලී වැඩ තියෙන දවස් වල රුපියල් 600 ක් පමණ සොයනවා.
දක්ෂිණ ලංකා අදිවේගී මාර්ගයේ 21500 නිවසක් අසල දොරුව ලගට මගේ දරුවාව පුද්ගලයෙක් අරන් ගිහිල්ලා උඩට උස්සලා ඇදුන් අයින් කරලා හිරිහැර කරලා තියෙනවා. මේ සිද්දිය ඒ අසල නිවසක බෝඩ් වෙලා ඉන්න මල්ලි කෙනෙක් දැකලා එයා ලග තිබු ඉදලක් අරගෙන අපරාදකාරයට හොදටම ගහල තියෙනවා. මේක අහල මමත් දෙකේ දෙකේ පොල්ලක් අරන් ගිහිල්ලා පෝමන් කෙනෙකුට ගහන්න හැදුව. එවිට ඔහු කිවුව මම නෙමෙයි අපරාදය කලේ බැකෝ එකේ වැඩ කරන පෝමන් මහත්තය කියලා. ඔහුව මට හම්බ වුනේ නැහැ.
පස්සේ ගමේ අයත් එක්ක එකතු වෙලා ලමයව සෙවුවා. මට පුතා කැලෑවක හැංගිලා ඉදල හම්බ වුනා. ඊට පස්සේ පොද්දල පොලිසියට ගිහිල්ලා පැමිණිලි කලා. පොලිසිය කීවුවා අපරාදකරයින්ට එරෙහිව නීතිමය පියවර ගන්න බව. දින කිහිපයකට පස්සේ නැවත පොලිසියට ගියා වැඩක් වුනේ නැහැ. අද දක්වාත් පොලිසිය මේ ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. දරුවාව රෝහලකට ගෙනිච්චේ නැහැ පොලිසිය එපයි කීවුව නිසා.
ළමයා සිද්දිය වෙලා දවස් දහයකට විතර පස්සේ පාසල් ගියා. නමුත් දැනුත් ළමයා කල්පනා කරමින් බලාගත්තු අතේ බලා ගෙන ඉන්නවා. ඉස්කොලේදීත් ඇතැම් ගුරුවරු සහ අනිත් ළමයි මගේ ලමයව කොන් කරනවා.
Post a Comment