තායිලන්තය සහ කාම්බොදියාව අතර සටන් විරාමයක් - බැන් කි මූන්

තෙවන දිනටත් සිදු වූ දෙසසිමා ආරවුල් නිසා කාම්බෝදියව සහ තායිලන්තය දෙරට අතර සටන් විරාමයක් ප්‍රකශ කල යුතු බව එක්සත් ජාතින්ගේ මහා ලේකම් බැන් කි මූන් කියා සිටියි.

ඔහු වැඩි දුරටත් කියන්නේ දෙරට අතර දේශසීමා ආරවුල හමුදාමය වශයෙන් විසදිය නොහැකි බැවින් වගකිවයුතු සංවාදයකට රටවල් දෙකකම අවතීර්ණ වියයුතු බවයි.

සටන් ඇතිවුයේ අර්බුදකාරී ප්රිහා විහාර පන්සල අසල බටහිරට වන්නටය. එහි පෙබරවාරි මාසයේ මාරාන්තික ගැටුම් ඇති විය.

සිකුරාදා ඇතිවූ ගැටුම් වලින් මේ වනවිට සොල්දාදුවන් දහයක් මරමුවට පත්වී ඇත.

අසල්වැසියන් දෙදෙනා අතර ස්ථිර සාමයකට කටයුතු කරන ඉන්දුනීසියාව කියා සිටින්නේද දෙරට ඉක්මනින් සටන් විරාමයකට අවතීර්ණ වියයුතු බවයි.

තායි කම්බෝදියානු දේශසීමාවේ සමහර කොටස් වල මායිම් නිල වශයෙන් ලකුණු කර නැත. එහි ප්‍රතිපලය රටවල් දෙක අතර ආතති තත්වයක් ඇතිවීමය.

ජාත්‍යන්තර අදිකරණය 1962 දී ප්රිහා විහාර පන්සල කම්බෝදියාවට බාර දුන් නමුත් එහි අවට ප්‍රදේශයට දෙපාර්ශවයම අයිතිවාසිකම් කියයි.

බි බි සි ඇසුරෙන්
- හර්ෂි - Tell a Friend