නොවැම්බර් මාසයේ සිට උතුරු කොරියාව ඇමෙරිකානු පුරවැසියකු රදවා ගෙන සිටියි. ඒ ජාතියට එරෙහි අපරාද සම්බන්දයෙනි. නමුත් වාර්තා වන අන්දමට ඔහු දැඩි මතදාරී කොමුනිස්ට් රජ්ජයේ මිෂනාරි වැඩ වල නිරතව ඇත.
මේ පුද්ගලයා ජුන් යෝඋන්ග් සු බවට හදුනා ගෙන ඇත. ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමට සැරසෙන නිලදාරීන් කියන්නේ හෙතෙම විමර්ශන වලදී අපරාද සිදු කල බව පිළිගත් බවයි.
මෙම අත්අඩංගුවට ගැනීම වොෂින්ටනයට දන්වා ඇති අතර සුවිඩිෂ් රාජ්ජය තාන්ත්‍රිකයින් ඔහුව මුණගැසී ඇත. එක්සත් ජනපදයට උතුරු කොරියාවේ රාජ්ජය තාන්ත්‍රික කාර්ය මණ්ඩලයක් නොමැත.
රාජ්ජය දෙපාර්තමේන්තු ප්‍රකාශකයකු පැවසුවේ තමන් උතුරු කොරියානු ආණ්ඩුවෙන් මානුෂිය හේතුන් මත මේ පුද්ගලයා නිදහස් කරන ලෙස ඉල්ලා සිටින බවත් ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුව මේ පුද්ගලයාට ගරු කිරීම සහ සැලකීම කරන ලෙසත්ය.
මෑත වසර වලදී ඇමෙරිකානුවන් ගණනාවක් උතුරු කොරියාවේ රදවා ගනු ලැබ පසුව නිදහස් කෙරිණි. මෙම අත්අඩංගුවට ගැනීම සිදු වුයේ මේ මාසය මුල කටාර් මහතා පියෝන්යන් බල යාමට සැලසුම් කර තිබියදීය.
අල් ජසීරා ඇසුරෙන්
- හර්ෂි -
Home worldview ඇමෙරිකානු පුරවැසියාට එරෙහිව චෝදනා.
ඇමෙරිකානු පුරවැසියාට එරෙහිව චෝදනා.
By Anonymous • April 14, 2011 • Harshi C. Perera worldview • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment