පොද්දල පොලිසියේ එස් අයි සමරජිව සහ කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර කේ ආර් මුණසිංහ

අමිල ගුණරත්න

වවුලුගල කන්ද, අදුරත්විල, පොද්දල ගමේ එක් දරු මවක් වන සරණි කිසිම සිවිල් බලයක් ධනයක් නැති අසරණ ගැහැනියකි. පොද්දල පොලිසියේ එස් අයි සමරජිව නමැති පාපතරයා දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය සම්බන්ද ප්‍රශ්නයක් මුල් කරගෙන සරණිගේ නිවසට පැමිණ ඇයට පොල්ලකින් අතට ගසා ඇයගේ අත කඩා දැම්මේය. කැඩුණු අතට ප්‍රතිකාර ගැනීමට කරාපිටිය රෝහලට ගිය සරණිට රෝහලේ පොලිස් මුර පොලෙන් අධිකරණ පෝරමයක් නිකුත් කලේ පහර දීමක් නිසා ඇති වූ තත්වයක් නිසාවෙනි. සරණිගේ අත පරික්ෂා කල කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර කේ ආර් මුණසිංහ මුලින් කීවේ ඇයගේ අත කැඩී නැති බවයි. ඉන්පසු එක්ස් රේ පටලයේ අස්ථි කැඩී ඇති බව පෙනෙන්නට තිබුණු විට සරණිගේ අත කැඩී තිබෙන බව පිලිගත්තේය. නමුත් පසුව දොස්තර කේ ආර් මුණසිංහ පොලිසිය බේරා ගැනීම සඳහා බොරු කියමින් සරණිගේ අත කැඩී තිබෙන්නේ පහර දෙමින් නිසා නොව ඇද වැටීමෙන් බව පැවසීය. කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර කේ ආර් මුණසිංහට සිවිල් බලයක් නැති දුප්පත් ගැහැනියකට වඩා පොලිසිය වටිනවා විය හැක. එහෙත් තම වෘත්තීය ආචාර ධර්ම කඩමින් වෛද්‍ය වෘත්තීයටද නිගා දෙමින් ඇත්ත නැත්ත කිරීම කොපමණ පහත ක්‍රියාවක්ද ? මෙම වෛද්‍ය නිලධාරීයාට එරෙහිව ලංකා වෛද්‍ය සභාවට පැමිණිලි කල යුතුය.

පොලිස්පති (ආචාර්ය ) මහින්ද බාලසුරිය මහතාණෙනි පොද්දල පොලිසියේ එස් අයි සමරජිව නම් නිල ඇඳුම් ඇඳි මුර්ගයා ගැන ඔබ ගන්නා පියවර කුමක්ද ?

ලංකා වෛද්‍ය සභාවේ ගරු සභාපතිතුමනි වෘත්තීය ආචාර ධර්ම කැඩු කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර කේ ආර් මුණසිංහ ගැන ඔබ ඔබ ගන්නා පියවර කුමක්ද ? ඔබලා යුක්තිය ඉටු කරන තෙක් අප බලා සිටිමු.

Tell a Friend