ඉරාකයේදි සිදු කළ අපරාධ විභාග කිරීම සඳහා ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සහ ඔහුගේ පරිපාලනයට ඇතුලත් වූ නිලධාරීන් වහාම ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පැමිණ විය යුතු බවට ජාත්‍යන්තර පරමාණු ශක්ති අධිකාරියේ හිටපු ප්‍රධානියා ප්‍රකාශ කළේය.
සමුහ සංහාරක අවි ඉරාකයේ ඇති බවට චෝදනා කරමින් 2003 ජනාධිපති බුෂ් එහි සිදු කළ ආක්‍රමණයන් තුළින් අස්වාභාවික විනාශයක් සිදු කළ බව ඔහු චෝදනා කළේය. සමුහ සංහාරක අවි ඇති බවට චෝදනා කලද තවමත් ඒවැනි අවි තවම ඉරාකයෙන් හමු වී නැත. ඉරාකයෙ සිදු වූ යුද අපරාධ වල ප්‍රධාන වග උත්තරකරු වන ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් අධිකණය වෙත පමුණුවා සිදු වූ සත්‍ය කරුණු විමසා දැන ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
Post a Comment