පොලිසියේ කෙරුවාව !

වෛද්‍ය සිසුවෙකු මරා නොදැමීමට රුපියල් ලක්‍ෂ පනහක කප්පමක් ඉල්ලා සිටි කප්පම් කල්ලියකට අනුබල දුන් බවට සැකපිට කුරුවිට පොලිසියේ අපරාධ අංශයේ ප‍්‍රධානියාව සිටි පොලිස් පරීක්‍ෂක බී.පෙරේරා යන අය 18දා දක්වා රිමාන්ඞ් භාරයේ තැබිනි.

කුරුවිට ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් මෙම කප්පම ඉල්ලා තිබිණි. ලක්‍ෂ තිහක මුදලක් කප්පම්කරුවන්ට දී තිබුණේ තම දරුවා බේරාගැනීමේ අරමුණිනි. ඉතිරි රුපියල් ලක්‍ෂ විස්ස ගැනීමට සැලසුම් කිරීමේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබිණි.

ඔවුන්ගේ ප‍්‍රශ්න කිරීම් මත පොලිස් පරීක්‍ෂකවරයා අත්අඩංගුවට ගනු ලැබීය. පොලීසියේ ඉහළ නිලධාරියෙකු ඇතුලූ කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිසිය කියයි