එස්. ඒ. වික‍්‍රමසිංහ ජන්ම දින සැමරුම

ශී‍්‍ර ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘ දොස්තර එස්.ඒ.වික‍්‍රමසිංහ මහතාගේ 110 වැනි ජන්මදින සමරුව අද මාතර නගරයේදී පැවැත්විණි. 1901 අපේ්‍්‍රල් මස 13 වැනි දින මාතර අතරැුලියේ නස්නාරන් කැටිය වලව්වේදී උපත ලැබූ සුගීස්වර අබේවර්ධන වික‍්‍රමසිංහ මහතා ගමේ පාසලේදී මුළික අධ්‍යාපනය ලබා ගාල්ල මහින්ද හා කොළඹ ආනන්ද විදුහල් වලින් වැඩිදුර අධ්‍යාපනය ලබා ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය හිමිකැරගත්තේය. එරට කම්කරු ව්‍යාපාරය හා කොමියුනිස්ට් පක්ෂය සමග සම්බන්ධතා ඇතිකරගෙන මෙරටට පැමිණි දොස්තර වික‍්‍රමසිංහ 1931 රාජ්‍ය මන්ත‍්‍රණ සභා මැතිවරණයෙන් ජයගෙන පාර්ලිමේන්තුුවට තේරීපත්විය.

1940 දී ලංකා සමසමාජ පක්ෂයේ විධායක සභාවට ඉදරිපත් වූ යෝජනාවක් අනුව දොස්තර වික‍්‍රමසිංහ එහි විධායක සභාවෙන් ඉවත්කරනු ලැබූ අතර 1943 ජූලි මස 03 වැනි දින දොස්තර වික‍්‍රමසිංහයන්ගේ නායකත්වයෙන් ශී‍්‍ර ලංකා කොමියුනිස්ට් පක්ෂය බිහිවිය.