අවුරුද්ද , බඩු මිල , යුද අපරාද, ඔබ සහ මම.

කැවුමක් රුපියල් 30 යි. පොල්තෙල් බෝතලයක් රුපියල් 300 යි. මෙවැනි ඉහල ගිය බඩු මිලක් යටතේයි අපි සිංහල, දෙමල, මුස්ලිම් බේදයකින් තොරව අවුරුදු කන්නේ.

අවුරුද්දේ අහන්න ලැබුන එක්සත් ජාතීන්ගේ වාර්තාව ගැන මිනිස්සු මොකද කියන්නේ? යාළුවෙක්ගෙන් ඇහුවා. ඇය රාජ්ජය සේවයේ නිලදාරිනියක්. "ආ හරි වැඩේ එකේ මොනවතියෙයිද දන්නේ නැහැ නේද?" මානව හිමිකම් ක්රිදරයෙකුට කිව්වා ආණ්ඩුවට දැන් පීඩනයක් ඇතියි නේද කියලා. ඔහුගේ උත්තරය "මොන පිස්සුද ආණ්ඩුවට ඕවයින් මොකුත් වෙන්නේ නැහැ. වැඩක් නැති දේවල්."

දැන් යුද්දය ඉවර වෙලා අවුරුදු දෙකක් වෙනවා. දිවයිනේ සෑම තැනකම වගේ පාරවල් ටික හොදින් පිළිසකර වෙලා තියෙනවා. චෙක් පොඉන්ට් එකකක නවත්තුවම හමුදාවේ අක්කල අයියල අහන්නේ අවුරුද්දට බඩු ගන්න ගියාද කියලා. හැදුනුම්පත බල්ලන්නේ නැහැ. මේවා හොද දේවල්.

නමුත් ජනතාවගේ නිදහසට අයිතීන් වලට මොකද වෙලා තියෙන්නේ. අවුරුද්ද දවසේ පොලිසි කියකදී ජනතාව වදහින්සාවට ලක් වෙන්න ඇතිද? අල්ලස සහ දුෂණය. ලොක්කන්ගේ බරපතල වංචාවන්. විරැකියාව. අද්දයාපන අයිතිය උල්ලංගනය වීම. ඊළගට උතුරු නැගෙනහිර ජනතාව. ඔවුන් තවමත් ජීවත්වන්නේ සරණාගත තත්වයෙන්. ඒ ප්‍රදේශවල සිදුවන මරා දැමීම සහ අතුරුදහන් කරවීම. යුද්දය අවසන් වුනාට ඒ අයගේ ප්‍රශ්න විසදී නැහැ.

අලුත් අවුරුද්දේ තරහා මරහා අමතක කල යුතුයි. ඒ නිසා උතුරේ සහ නැගෙනහිර ජනතාව තමන්ට සිදු වූ අසාදාරනය අමතක කල යුතුද? සියලු මනුස්සයින් තවත් මිනිසුන් කොටසකට වූ මනුෂ්ෂත්වයට එරෙහි අපරාද වලට සමාව දීම මින් අදහස් කරයිද?

නැත. ඒ මගේ අදහසයි. ඔබේ? අපේ අද්දයාපනය කල යුත්තේ අපට තර්කානුකුලව සහ මනුස්සයින් ලෙස කටයුතු කිරීමට පුහුණු කිරීමයි.


හර්ෂි සි. පෙරේරා