බ්‍රිගේඩ්යර් ශ්‍රියානි වරුසවිතාන ආබාධිත රණවිරුවෙකුට හිමි වූ වාහනයක් හොරට අරගෙන

EXCLUSIVE



අමිල ගුණරත්න
යුද්දයෙන් දරුණු ලෙස තුවාල වූ රණවිරුවන්ට ඉතා අඩු සහන මිලට ලබා දුන් වාහන හොරට ගැනීම සම්බන්දයෙන් බ්‍රිගේඩ්යර් ශ්‍රියානි වරුසවිතාන චෝදනා ලබා සිටියි. යුද හමුදාවේ ආබාධිත රණවිරු පුනරුත්තාපන ඒකකයේ හිටපු අධියක්ෂිකා බ්‍රිගේඩ්යර් ශ්‍රියානි වරුසවිතාන විසින් වියාජ ලෙස ලිපි සකසා රණවිරු සෙවනේ ප්‍රතිකාර ලබමින් සිටි සොල්දාදුවෙකුගේ නමට මෙම වහනය ලබාගෙන තියන බව හමුදා ආරංචි මාර්ග පවසයි. මෙම ගනුදෙනුවට අදාළ ලිපි තවම යුද හමුදා මුලස්ථානයේ තිබෙන අතර එම ලිපි මේ වන විට අස්ථානගත වීමේ අවදානමක්ද පවතී. මෙම අක්‍රමිකතාවට සම්බන්ද නිලධාරිනිය මේ වන විට හමුදාවෙන් විශ්‍රාම ගොස් තිබෙන අතර අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්තුවහොත් මෙම නිලධාරිනියට විශ්‍රාම වැටුප පවා අහිමි වන බව රණවිරු පුනරුත්තාපන ඒකකයේ නිලධාරියෙක් අපට පැවසීය. 

Tell a Friend