ගුටි කන ඒකා හැමදාම ගුටිකන්න සුදානම් නැහැ

වරැද්දකට අවවාදය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගෙපොල වළගම්බා මහා විද්‍යාලයයේ ශිෂ්‍ය නායකයකු එහි විදුහල්පතිට යකඩ පොල්ලකින් පහරදීම නිසා තුවාල ලබා බළන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි වැලිගෙපොල පොලිසිය පවසයි. පහරදීම සම්බන්‍ධව ශිෂ්‍ය නායකයා පොලිසියට බාරවී ඇතැයි ද පොලිසිය කියයි. සැකකාර ශිෂ්‍යයා පාසලේ කෙඩෙට් කණ්ඩායමේ සාමාජිකයකු බව විදුහලේ ප‍්‍රකාශකයෙක් කීය.

මේ ගුටි කැ විදුහල්පති තම පාසැල තුල හොද පසුබිමක් සාදා තිබුනට සැක නැත. ඒ තරමට පාසල් පරිපාලනය හොදවන්නට ඕනය.

මෙච්චර කල් 99.99% ක්‌ම ගුටි කෑවේ ළමුන්ය. ඔවුන් අවරුදු 18 ට අඩුය. බලයක් නැත්ත වුන්ය. මේ මොහොතේත් ඔවුන් ගෙදරදී නැතිනම් පාසලේදීත් ගුටි කණු ඇත.

ගහන්න නැතිනම් බනින්න ඔවුන්ට ආදර්ශය දුන්නේ අම්මලාය, තාත්තලය, ගුරුවරුය නැතිනම් විදුහල්පතිවරුය. දුබලයා හැමදාම දුබලව සිටින්නේ නැත. මේ සුවාබදර්මයේ රීතියයි. නීතියයි.

රටක ආණ්ඩුවක් සම්බන්දයෙන්ද කිව හැක්කේ මෙයයි. පාලකයින්ගේ මර්දනයට එරෙහිව ජනතාව නැගී සිටින දිනයක් උදාවේ. එය අද හෙට හෝ අනිද්දා නොවුනත් එය අවුරුදු තිහ හතළිහකට පසුව හෝ අනිවාර්යෙන් සිදු වේ. ඒ නිසා බලය සතු අය වඩා විනය ගරුක විය යුතුයි.


හර්ෂි සි. පෙරේරා