රජෙය් සේවකයෙක් වතුර ටැංකියක් උඩ !

ගංවතුරෙන් අවතැන්වූ රාජ්‍ය සේවකයන් සඳහා ලබා දෙන බව පැවසූ අපදා ණය මේවන තෙක් නොලැබීමට විරෝධය පා පොළොන්නරුව, ගලු අමුණ ග්‍රාමීය රෝහලේ සේවකයකු එම රෝහලේ වතුර ටැංකිය මතට නැඟ උපවාසයක් ආරම්භකර ඇති බව අප පොළොන්නරුව වාර්තාකරු පවසයි.

ප්‍රේමරත්න නැමැති මෙම රෝහල් සේවකයා අද උදෑසන කාලයේ සිට මෙම විරෝධතාවයේ නිරතව ඇත. ඔහුට සහය පළ කරමින් තවත් සේවකයින් පිරිසක් වතුර ටැංකිය අසල රැදී සිටින බවද වාර්තාකරු පැවසීය.