මිථ්‍යයාව සියල්ල පරයා රජ වෙයි

ත‍්‍රිකුණමලය කෝනේෂ්වරන් දෙවොලේ දේව ප‍්‍රතිමාව දෝවනය කළ ළිඳෙහි වතුරෙන් ස්නානය කිරීමෙන් ලෙඩදුක් දුරුවෙතියි බැතිමත්හු විශ්වාස කරති. එහි තීර්ථම් උත්සවයට පැමිණි ලක්‍ෂ ගණනක් වූ බැතිමතුනට එක් ළිඳකින් ස්නානය කළ නොහැකි බැවින් ළිඳෙහි ශුද්ධ වූ ජලය ගිනි නිවීමේ රථයකට පොම්ප කළ නාවික හමුදා ගිනි නිවීමේ ඒකකය ශුද්ධ ජලයෙන් බැතිමතුන් නැහැවීය.