බෙල්ලන්විල විමලරතන හාමුදුරුවන්ගේ රියදුරු විදේශගත ශ්‍රී ලාංකිකයෙකුගේ ඩොලර් වලට විදලා

සුපුන් පෙරේරා

විදේශගත ශ්‍රී ලාංකිකයෙකු විසින් බෙල්ලන්විල විමලරතන භික්ෂුව භාරයට දුන් ඇමරිකන් ඩොලර් 1750 ක මුදලක් බෙල්ලන්විල විමලරතන හාමුදුරුවන්ගේ රියදුරු කන්කානම්ගේ විල්සන් නමැත්තා විසින් වංචා සහගතව ලබාගෙන ඇති බවට පැමිණිලි ලැබී ඇත. මේ සම්බදයෙන් විමසීමට බෙල්ලන්විල විමලරතන භික්ෂුවට දුරකතනයෙන් කතා කල විට යම් පන්සල් කාර්යාලයේ යම් අයෙක් දුරකථනය විසන්ධි කරන ලදී. අපට ලැබුණු තොරතුරු අනුව රියදුරු කන්කානම්ගේ විල්සන් නමැත්තා මීට කලකට ඉහත දී බෙල්ලන්විල පන්සලේ රථ ගාලේ තිබියදී සොරකම් කරන ලද වටිනා වාහනයක් සම්බන්ද සිද්ධියටද සැක කරනු ලැබුවෙකි. එහෙත් යම් අනුභාවයක් නිසා පොලිසිය ඔහුට විරුද්ධව චෝදනා ගොනු කලේ නැත. මෙවැනි මුදල් ගනුදෙනු භික්ෂුනට අකැප වුවද බෙල්ලන්විල විමලරතන භික්ෂුව ලලිත් කොතලාවලගේ ගෝල්ඩන් කී හුටපටයට පැටලී රුපියල් මිලියන ගණනක් අහිමි කරගත්තේය.


Tell a Friend