මෙරට මේ තරමටවත් යුක්තිය සහ සාමය ආරක්ෂා වී තිබෙන්නේ ශිෂ්ටසම්පන්න නීතියක් එනම් අදිරජ්ජය වාදීන් එනම් බ්‍රිතාන්නය විසින් අපට තිලින කල නිසාය. අද පවතින මේ ශිෂ්ට නිතිය නිතින්ඥයින් විනිසුරන් සහ පොලිසිය ඇතුළු වුර්තිකයින් 19 වන සියවසේ අගබාගයේදී මෙරටට හදුන්වා දෙන ලද්දේ බ්‍රිතාන්‍ය විසිනි. එතෙක් ලංකාවේ පැවතියේ පුද්ගලයින් කිහිපදෙනෙකුගේ අවශ්‍යතාව මත ක්‍රියාත්මක වන පාලනයකි. තවද කුල ක්‍රමය මත පදනම් වූ චාරිත්‍රයන්ය .
අද වනවිට මේ වුර්තිකයින් සහ ශිෂ්ට නිතිය සංවර්දනය කිරීම වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී යයි කියා ගන්න පාලකයින් විසින් එය විකුර්ති කර ඇත. බලයේ සිටන්නන් තම උවමනා එපාකම් සදහා මේ නිතිය යොදා ගනී. ඒ වගේම නැවත රාජාණ්ඩු සංකල්පය බාවිතයට ගැනීමේ සහ ඒ පිලිබදව නොමග යැවීමේ වාතාවරණයක් ඇත. මේ හදන්නේ නැවත අපව දියුණු ලෝකය සමග නොගැලපෙන තත්වයකට ඇද දැමීමටය. එවිට පිඩාවට සහ දුකට පත් වන්නේ සාමාන්‍ය මහා ජනතාවයි.
මේ පියතුමා උත්සහ කරන්නේද රට තුල නීතියක් නැති රාජාණ්ඩු පාලනයකට උඩ ගෙඩි දීමටය. සියල්ලෙන් පිලිබිබු වන්නේ ආගම ද ජනතාව මුල කිරීමට හසුරුවන ආකාරයයි.
හර්ෂි සි. පෙරේරා

Post a Comment