ඊජිප්තු බ්ලොග්කරුවා වසර තුනක් තිස්සේ සිරබත් කයි.

මිකල් නබිල් වසර තුනක් තිස්සේ සිරබත් කන්නේ ඊජිප්තුවේ හමුදා විවේචනය කිරීම නිසාය. පෙබරවාරි මස ඊජිප්තු ජනාදිපති හොස්නි මුබාරක් බලයෙන් පහ කිරීමෙන් පසු ඒ රට හමුදාව රට පාලනය කරයි.

නබිල් කියන ආකාරයට හමුදා අදිකරණය නිතිඥාවරු පෙනී නොසිටි අවස්ථාවක තීන්දුව ලබාදී ඇත්තේ රහසිගතවය.

නබිල් අදිකරණයට අපහාස කිරීමට සහ වැරදි පුවත් අන්තර් ජාලයේ පල කිරීම සම්බන්දයෙන් වැරදි කරු විය. ඔහුගේ නිතිඥාවරු තීන්දුවට එරෙහිව අබියාචනා කරන බව කියති.

හියුමන් රයිට්ස් වොච් සංවිදානය, හමුදාව නබිල්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා ඉවත් කර ගතයුතු බව කියයි.

අල් ජසීරා ඇසුරෙන්
-හර්ෂි-