යුධ අපරාධ වාර්තාව සගවයිද?

ශ‍්‍රී ලංකාවේ යුද්ධය අවසාන කාලයේ සිදුවූවා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මහතාට උපදෙස් දීමට ඔහු විසින් පත් කරන ලද උපදේශක කමිටුවේ වාර්තාව අද බෑන් කී මූන් මහතා වෙත ලබා දීමට නියමිත බව විදේශ වාර්තා පවසයි. මෙම වාර්තාව අද ප‍්‍රසිද්ධියට පත් නොකරන බව එක්සත් ජාතීන්ගේ ප‍්‍රකාශකයෙකු පවසා ඇත.

විදේශ මාධ්‍ය පවසන්නේ පාලිත කොහොන, ජී එල් පීරිස් සහ ශවේන්ද්‍ර සිල්වා යන අයගෙන් සමන්විත ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ නියෝජිතයන් පසුගිය මාසයේ බෑන් කී මූන් සහ උපදේශක මඩුල්ල රහසිගතව හමුවී කළ සාකච්ඡුා අනුව සමහර විට මෙම වාර්තාව කිසිදිනෙක ප‍්‍රසිද්ධියට පත් විය නොහැකි බවත්ය.