උගත්කමට නිගා දෙන උගතුන් ! ! !

පුවතක්
ජපානයේ වාහන ලබා දෙන බව කියමින් රුපියල් ලක්ෂ ගණනක් වංචා කරන ලදැයි චෝදනා ලැබ සිටි කැලණිය විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා, එම මුදල් නැවත ලබා දීමේ පොරොන්දුව මත ඇප මත මුදා හැරීමට කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් බුද්ධික සී.රාගල මහතා අද නියෝග කෙළේය.

රුපියල් දසදහසක මුදල් හා රුපියල් පන්ලක්ෂය බැගින් වූ සහතික ඇප දෙකක් නියම වූයේ යක්කල නුවර පාරේ ඞී.එම්. ගැමුණු දසනායකටය. 2011 ජුනි 06 වැනිදාට පෙර කොටස් වශයෙන් එම මුදල් දෙන බවට පොරොන්දු විය. සැකකරුට විරුද්ධව තවත් පැමිණිලි කිහිපයක් මහනුවරින් ලැබී ඇති බව පොලිසිය අධිකරණයට දැන්වීය. සැකකරුගේ විදේශ ගමන් බලපත‍්‍රය අධිකරණය බාරයට ගැණනි.

තවත් පුවතක්
මහජන බැංකුව විසින් උකස් ගැනුණු රන් භාණ්ඩ වංචනික ලෙස සේප්පුවලින් ගෙන වෙනත් අය ලවා යළි යළි උකස් කර රුපියල් 72 ලක්ෂයක් පමණ වංචාවක් කළ බව කියන නියෝජ්‍ය බැංකු කළමනාකරුවෙක් කොළඹ වැඩ බලන මහේස්ත‍්‍රාත් චාමර වික‍්‍රමනායක මහතා විසින් ලබන 18 වැනි දින තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. මහජන බැංකුවේ ශ්‍රී සංඝරාජ මාවතේ පෙඞ්රික් එඞ්වඞ් ද සේරම් ඔවුහුය.

මේ උගතුන්ගේ කෙරුවාවයි. සිය බුද්දිය මෙහයවා කරන මහා පරිමාණ වන්චාවල්ය. ෆැන්ටා බෝතලයක් හොරෙන් බියුවිට පොල් ගෙඩියක් හොරෙන් කැඩු විට ඔවුන්ගේ අතපය කඩන පොලිසිය දැන් කෝ? අපි මේ උගතුන් වදහින්සාවට ලක් කල යුතුයි නොකියමු. නමුත් පොලිසිය මේ උගතුන් සම්බන්දයෙන් බලපෑම් වලට යටත් නොවී නිතිය සමානව ක්‍රියාත්මක කිරීමට පියවර ගනියිද?

ඊළගට ඇතිවන සාදාරන සැකය මොවුන් වැරදිකරුවන් වුවහොත් නීතියේ උගතා එනම් නීතිපති චෝදනා ඉවත් කර ගනියිද යන්නය.

හර්ෂි සි.පෙරේරා