" 29/11 ප්‍රහාරයකින්ට දඬුවම් දීමට ප්‍රමාණවත් සාක්ෂි තිබේ"

2008 මුම්බායි සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ වුවන්ට සහ ඊට අනුබල දුන්නන්ට දඬුවම් දීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට පකිස්ථානයේ අභ්‍යන්තර කටයුතු ඇමති රෙහෙමාන් මලීක් සඳහන් කළේය. හෙතෙම ඒ බව කියා සිටියේ CNN -IBN ස්රුපවහිනි සේවයට ප්‍රකාශයක් කරමිනි. කෙසේ වෙතත් ඉන්දියාව ප්‍රකාශ කරන වේගයකින් තමන්ට කටයුතු කළ නොහැකි බව කී හෙතම මේ වන විටත් පරීක්ෂණ වලදී ප්‍රමාණවත් සාක්ෂි එකතු කර ඇති බව සඳහන් කළේය. එසේම පකිස්ථානයේ අධිකරණ කොමිසමට අදාල ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු එකතු කර ගැනීම සඳහා ඉන්දියාවේ සංචාරය කිරීමට අවසර ලබා දීම ගැන හෙතෙම ප්‍රසාදය පල කළේය.

Tell a Friend