EXCLUSIVE: කොන්සල් ජෙෆ් බබා වෙයි... කොළඹ යන්න බෑම කියයි

දේශපාලන හෙන්චයියලාගේ වුවමනා එපා කම් ඉටු කරමින් සිටින ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ සිටින මෙරට කොන්සල් ජනරාල් වරයාට යලිත් කොළඹට පැමිණෙන ලෙස ඉල්ලීම් දෙකක් යවා ඇති නමුත් ඔහු ඒ කිසිවක් එක් පයිසයකට මායිම් නොකර තවමත් එහි රැඳී සිටින බව වාර්තා වේ. ජෙෆ් ගුණවර්ධන නමැති ඔහු තානාපති සම්බන්ධතා වලට සම්පුර්ණයෙන්ම පටහැනිව කටයුතු කොට ඇති අතර මෙරට ප්‍රතිරූපයට හානි වන ලෙස අවස්ථා ගණනාවකදී කටයුතු කොට ඇත. වරක් හෙතම ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා හමු වුයේ යැයිද, එහිදී රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ කතාබහක් ඇති බවද කියමින් පට්ටපල් බොරුවක් ජාත්‍යන්තරව ප්‍රචාරය කළේය. එය දවල මන්දීරය පවා පිළිකුලෙන් බැහැර කළේය.

ශ්‍රී ලංකා ගාර්ඩියන් හී කැලිෆෝනියාවේ වාර්තාකාරණිය වන හසීනා ලීලාරත්න මහත්මිය අදාළ දුෂිත සහ ඔලමොට්ටල නිලධාරියාගේ අකටයුතුකම් පසුගිය කාලය පුරා හෙළි දරව් කළ පසු අදාළ තානාපති නිලධාරියා ඇයට සහ ඇගේ පුත්‍රයාට මරණීය තර්ජනය එල්ල කළේය.

Tell a Friend

Tell a Friend