EAP: ජීවක ගැන පරීක්ෂණ ඇරඹේ - දේවාලේ කපුවා සල්ලි පොලියට දෙයි

මේ වන විට හෙළි වී ඇති තොරතුරු අනුව එදිසිංහ සමුහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක ජීවක එදිරිසිංහ මහතාට එරෙහි පරීක්ෂණ ආරම්භ වී ඇති බව " ලංකා ගාර්ඩියන් " ආරංචි මාර්ග සඳහන් කරයි. විශේෂයෙන් තමන්ගෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට අය විය යුතු රුපියල් කොටි 500 කට වැඩි මුදල් සම්බන්ධයෙන් අදාළ පරික්ස්ජන ආරම්භ වී ඇති නමුත් ඒවා කොතරම් දුරට සාර්ථක ලෙස අවසන් කිරීමට හැකි වේ දැයි නොදනිමු.

මේ අතර තමන්ගේ ආර්ථික කඩා වැටීම මඟ හරවා ගැනීම සඳහා මහනුවර ප්‍රදේශයේ ගල්තැන්න දේවාලයේ ප්‍රකට දේවාල කපුවාගෙන් මාසික පොලියට මුදල් ලබා ගනිමින් සිටින බව වාර්තා වේ. එසේම අදාළ කපුවා තමන්ගේ දේවාලයට එන අයවලුන්ට ස්වර්ණමහල් ආයතනයේ විකිණීමට ඇති රත්‍රන් බඩු පුජා සඳහා රැගෙන එන්න යයි අණ කොට ඇත.

Tell a Friend