ගඩාෆි බටහිරට බැණ වදියි ! චීනයම ඉන්දියාව, රුසියාව සහ බ්‍රසීලය ඕනා කියයි

රජය මාධ්‍ය ඔස්සේ අද යලිත් ජාතිය ඇමතු ලිබියානු නායක ගඩාෆි තමන්ගේ බැංකු ගිණුම් සහ තෙල් සමගම වලට අයත් ගිණුම් චීනය, ඉන්දියාව , රුසියාව සහ බ්‍රසීලය වැනි රටවලට මාරු කරන බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් කතා කළ හෙතම ලිබියාවේ තෙල් නිධි සහ වරායවල් තමන්ගේ පාලනය යටතේ පවතින බවත් ඒවායේ ආරක්ෂාව තර කර ඇති බවත් කිව්වේය.

එසේම තමන් බලය අත් නොහරින බවත් කෙසේ හෝ ලිබියාවේ තෙල් සොරා ගැනීමට සිදුවන කුමන්ත්‍රණය පරාජය කරන බවත් සඳහන් කළේය. තමන් අවසාන මිනිසා සහ ගැහැණිය දක්වා සටන් කරන බව කි හෙතම අල්කයිඩා සංවිධානයට චෝදනා කරමින් ඔවුහු තම රටේ භුමිය සහ තෙල් සේරකම් කරන බව කිව්වේය. එසේම තම රටේ සාමකාමී උද්ඝෝෂණ ක්‍රියාත්මක වන බව ප්‍රතික්ෂේප කළ හෙතම පවතින්නේ කිසිඳු බලයක් නැති උද්ඝෝෂණ බව කිව්වේය.

Tell a Friend