පකිස්ථාන කැබිනට් මණ්ඩලයේ සිටි එකම ක්‍රිස්තියානුවා මරුට

පකිස්ථාන කැබිනට් මණ්ඩලයේ සිටි එකම ක්‍රිස්තියානි භක්තික අමත්‍යවරයා වන ශභාස් බස්ති තලිබාන් සංවිධානයට සම්බන්ධ අයවලුන් විසින් වෙඩි තබා ඝාතනය කොට ඇත. තම නිවසින් කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා සභාගිවීමට යමින් සිටියදී අදාළ අනතුරට මුහුණ දුන් ඇමතිවරයාගේ සිරුරට වෙඩි ප්‍රහාර 08 ක් එල්ල වී තිබු බව සඳහන් වේ. තමන් ගමන් කළ ටොයෝටා කොරොල්ලා වර්ගයේ මෝටර් රථය එක පකිස්ථාන සම්ප්‍රදායක ඇඳුම ඇඳගෙන සිටි තිදෙනෙකු විසින් විගස නවත්වා එහි රියදුරු එලියට ඇද දමා ඇති අතර පසුව එහි සිටි ඇමතිවරයාට වෙඩි තබා ඇත.

අදාළ වෙඩි තැබීම පසුගිය ජනවාරි මාසයේදී සල්මන් ටසීර් මරා දැමු අකාරය සහ සමරුපිය.

Tell a Friend