බුහාරි බුරියානි කර ගැනිම

ජාතික සේවක සංගමයේ සාමාජික මුදල් යොදවා මිලදී ගෙන එම සංගමයෙට් පාලනය යටතේ පවත්වාගෙන ගිය කොළඹ මරදාන බුහාරි හෝටලය ඉතා සූක්‍ෂම ලෙස සංගමයේ පාලනයෙන් ඉවත් කර පෞද්ගලික ව්‍යාපාරයක් බවට පත්කරගෙන ඇතැයි සංගමයේ සාමාජික පිරිසක් ‘ලංකා ඊ නිව්ස්’ වෙත පැවැසූහ.

රජයේ ආයතන පෞද්ගලික අංශයට විකිණීමේ හා පාලනය පැවැරීමේ ක‍්‍රමයට අනුව හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ මඟ පෙන්වීම යටතේ 1989 දී ජාතික සේවක සංගමයට මරදාන බුහාරි හෝටලය සහ මහනුවර හුන්නස්ෆෝල් හෝටලය මිලදී ගැනීමට අවස්ථාව සලසා දුන් අතර ජාතික සේවක සංගමය මිලදී ගත්තේ බුහාර හෝටලයයි. සංගමය ඒ වෙනුවෙන් සාමාජික මුදලින් රුපියල් ලක්‍ෂ 65 ක් ගෙවා ඇත.

ජාතික සේවක සංගමයේ සේවක පිරිස පවසන අන්දමට බුහාරි හෝටලය සංගමයේ පාලනයට නතු කරමින් එහි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සභාපති වශයෙන් ජාතික සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් සිරිනාල් ද මැල් මහතා පත් කර ගන්නා ලද අතර, පරිපාලන අධ්‍යක්‍ෂ වශයෙන් යූ.බී. විජේකෝන්, මුදල් අධ්‍යක්‍ෂ ලෙස බැසිල් සිල්වා, සාමාන්‍යාධිකාරී ලෙස විලියම් ආටිගල යන මහත්වරුන්ද සෙසු අධ්‍යක්‍ෂවරුන් ලෙස ලේක්හවුස් ආයතනයේ හිටපු සේවක අධ්‍යක්‍ෂ ඞීත.ඞී. සෝමසිරි, ආනන්ද පාලිත, චන්ද්‍රා ගුණවර්ධන, ලෙස්ලි අමරසිංහ සහ ගුණපාල ධර්මබන්ධු යන මහත්වරුන් පත්කර ගන්නා ලදී.

ජාතික සේවක සංගමයේ සාමාජික මුදල බුහාරි හෝටලය මිලදී ගැනීමට යොදාගත් බැවින්, රුපියල් ලක්‍ෂ 65 ක් වූ එම මුදල කොටස් වශයෙන් සංගමයට පියවා තිබේ. අනතුරුව කර තිබෙන්නේ ජාතික සේවක සංගමයේ පාලනයෙන් ඉවත් කර බුහාර ප‍්‍රයිවට් ලිමිටඞ් නමින් නව ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කිරීමයි.

බුහාරි හෝටලයේ කටයුතු සඳහා නිසාන් වර්ගයේ වාහන දෙකක් මිලදී ගෙන තිබූ අතර, අංක 250 - 8338 සහ අංක 250 - 6952 දරණ එම වාහන දෙක මුදල් අධ්‍යක්‍ෂ බැසිල් සිල්වා සහ සාමාන්‍යාධිකාරි විලියම් ආටිගල මහත්වරුන්ට රුපියල් ලක්‍ෂ 3 බැගින් ගෙවා මිලදී ගන්නා ලෙස නව පාලනය විසින් දැනුම් දී තිබෙන බවත්. කෝට්ටේ ජාතික සේවක සංගම් මූලස්ථානයේ පවත්වාගෙන ගිය බුහාර හෝටලයේ පාලන කටයුතු පවත්වාගෙන ගිය ප‍්‍රධාන කාර්යාලය පෙරේදා (16* සිට එම ස්ථානයෙන් ඉවත් කරගෙන, පිටකෝට්ටේ හන්දියේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ලකට ගෙනගොස් තිබේ. ඒ සඳහා මසකට රුපියල් 36,000 ක කුලියක් ගෙවන බවද කියති. මෙම ගොඩනැගිල්ලට වසරක කුලිය එකවර ගෙවා තිබේ.

ජාතික සේවක සංගමයේ සාමාජිකයින් පිරිස පවසන්නේ සාමාජික මුදල් මෙතරම් ප‍්‍රමාණයක් බුහාරි හෝටලය මිලදී ගන්නට වැය කළත්, එක් සාමාජිකයකුටවත් අවම වශයෙන් රුපියල් 5 ක කොටසක්වත් ලබාදී නැති බවයි. හෝටලයේ කොටස් තමන් වෙත ලබාදෙන ලෙස කාලයක් තිස්සේ ජාතික සේවක සංගමයේ සාමාජිකයන් අරගලයක් ගෙන ගියත් කිසිම සාමාජිකයකුට සමාගමේ කොටස් ලබාදී නැත.