සන්ධානයට විශිෂ්ට ජයක්

පළාත්පාලන ආයතනය 205 ක බලය ලබා ගනිමින් සන්ධානයට විශිෂ්ඨ ජයක්

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡුන්දය පැවැති ආයතන 234 න් පළාත් පාලන ආයතන 205 ක බහුතර බලයක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබාගත්තේය.

ප‍්‍රධාන විපක්‍ෂය වන එක්සත් ජාතික පක්‍ෂයට වඩා පළාත් පාලන ආයතන සංඛ්‍යාවක් දිනාගැනීමට දෙමළ ජාතික සන්ධානය සමත් විය. එම පක්‍ෂය පළාත් පාලන ආයතන 12 ක ජයග‍්‍රහණය ලබා ගනිද්දී එජාපයට ජය ගත හැකිවූයේ පළාත් පාලන ආයතන 9 ක් පමණි. මෙය එක්සත් ජාතික පක්‍ෂය ලැබූ අන්ත පරාජයක් ලෙස සැලකේ.

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පළාත් පාලන ආයතන 04 කද, ජාතික නිදහස් පෙරමුණ ආයතන 02 කද, කඳුරට ජනතා පෙරමුණ හා ස්වාධීන කණ්ඩායමක් එක් ආයතනය බැගින් ද දිනාගෙන ඇත.

ජනතා විමුක්ති පෙරමුණ බලය හිමිකරගෙන තිබූ තිස්ස මහරාම ප‍්‍රාදේශීය සභාවේ ජයද මෙවර එජනි සන්ධානය ට හිමිවිය. ජවිපෙට මෙවර එක් පළාත් පාලන ආයතනයකවත් බලය ලබා ගැනීමට හැකිවී නැත.