යුක්තිය සහ ජාතික සමගිය ගැන බලාපොරොත්තුවක් !

2011 මාර්තු 03 ඒ කියන්නේ ඊයේ 

යාපනය හා කිලිනොච්චි දිස්ත‍්‍රික්කවල ජනතාව ලියාපදිංචි කිරිමේ හමුදා ක‍්‍රියා මාර්ගය වහාම අත්හිටුවීමට නීතිපතිවරයා අද (3) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකඟත්වය පළකෙළේය.

පදිංචිකරුවන් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් නීත්‍යානුකුල යාන්ත‍්‍රණයක් සකස් කිරීම පිළිබඳව බලධාරීන්ට දැනුම් දෙන බවද නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කීය.

දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී මාවෙයි සේනාධි රාජා ඇතුළු මන්ත‍්‍රීවරු හත් දෙනෙක් මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළහ.

2011 මාර්තු 04 අද 

යාපනය අධි ආරක්ෂක කලාපයේ 51 වැනි සේනාංකය පිහිටුවා තුබූ සුභාෂ් හෝටලය වසර 15ට පසුව අද එහි හිමිකරු වෙත බාර දුන් බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක මේජර් ජනරාල් උභය මැදවල පැවැසීය.

 මෙම හෝටලය 1995.12.02 වැනි දින බදු පදනම මත හමුදාව පවරාගෙන තිබිණි. යාපන 51 වැනි සේනාංකය යාපනය කෝපායිහි පිහිටුවා ඇත.

ඊයේ පුවත ජනතා ජයග්‍රහණයකි. අද පුවත ජනතාවට මෙන්ම ආණ්ඩුවටද හොදය. ඊයේ යුක්තියේ දෙවගන සියලු ජාතින් නිතිය ඉදිරියේ සමාන බව තීරණය කිරීම කොතරම් අගේද? සිංහල බාෂාවෙන් මෙරට සුළුජාතීන් එනම් ද්‍රවිඩ ජනයා ලියාපදිංචි කිරීම වහාම නවත්වන බව මෑතකදී අපරදකරුවන් නිදහස් කිරීම ගැන ප්‍රසිද්දියක් උසුලන නීතිපතිවරයා යුක්තියේ දෙවගනට පැවසීමද දනාත්මකය. හොදය.

අද පුවත ජාතින් අතර සමගියට මෙන්ම හැම දේටම හමුදාව රිංගා ගැනීම පිළිබද සැක සංකා මතුකරන කාලයක ඒවා තුරන් කිරීමට ගත් කාලෝචිත හා නැණවත් පියවරකි.


හර්ෂි සි. පෙරේරා