ඇය නමින් ඩබ්ලිව් මානේල්ය. වැලිකඩ බන්දනාගාරයේ කාන්තා අංශයේ ඇය සැක අංක 760 වේ. ඇගේ අංක B 2585 දරන නඩුව අලුත් කඩේ අංක 04 දරන මහේස්ත්‍රාත් අදිකරණයේ විබාග වේ. 2006.05.15 දින ඇයව රිමාන්ඩ් කරන ලදී. එතකොට ඇය වැලිකඩ ඇවිත් 2011.05.15 දිනට හරියටම වසර පහකි.
ඇයට එරෙහි චෝදනාව කුඩුය. අකුරු කියවීමට ලිවීමට නොහැකි ඇය වයස අවුරුදු දෙකේදී වම් කකුලට පෝලියෝ රෝගය වැළදී ඇත. ඇය පස්දරු මවකි. ඇය ජීවිකාව ලෙස කලේ රෝදපුටුවේ ගොස් කපුරු බෝල විකිනිමය.
රිමාන්ඩ් කර මස 09 දවස් 10 කින් රස පරීක්ෂක වාර්තාව අදිකරණයට ලැබී ඇත. ඉන්පසුව නඩුව නීතිපති උපදෙස් සදහා තබා ඇත. නීතිපති යොමු අංකය CR 3/394/20 වේ. සොමවතිගේ නඩුවේදී මෙන්ම නීතිපතිගේ ප්‍රමාදය නිසා ඇය වසර 05 ක පමණ කාලයක තිස්‌සේ සිරගෙදරය.
හර්ෂි සි. පෙරේරා
Home social මෙන්න තවත් සෝමාවතී කෙනෙක්
මෙන්න තවත් සෝමාවතී කෙනෙක්
By Anonymous • March 06, 2011 • feature Harshi C. Perera social • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment