තන්තිරිමලේ වකුගඩු රෝග

තන්තිරිමලේ වැසියන්ගෙන් සියයට 50කට පමණ වකුගඩු රෝගය වැළදීමේ අවදානමක් ඇතැයි අනුරාධපුර වකුගඩු රෝග නිවාරණ ඒකකයේ ප‍්‍රධානී වෛද්‍ය අසංග රණසිංහ මහතා කියයි. තන්තිරිමලේ ළිංවලින් සියයට 47ක ජලය බීමට සුදුසු නැති බව ද රෝගීනට ගමේ දීම ප‍්‍රතිකාර කරන බව ද වෛද්‍ය අසංග මහතා සඳහන් කෙළේය.