මුර බල්ලන්ට මානව හිමිකම් මක්කට්යි

තලවාකැලේ වත්තේ -තේ පැක්ටේරිය අසල රණවීර මුදලාලිගේ කඩෙන් අරන් බිව්ව ෆැන්ටා බෝතලෙයේ මුදල ගෙවීමට අතපසුවීම මේ දඬවම ලබාදීමට හේතුවයි.

රණවීර මුදලාලිගෙන් ලැබුන දුරථන පණිවුඩයට - සිවිල් ඇඳූමින් සැරසුන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ත්‍රී රෝද රථයකින් වත්තට යවා අලගුමයිල් මෝහන්ව අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ආවේ දින දහවල් ට පමණය.

පොලිසියේදී එස්.අයි.ගුණරත්න ඔහුට කුණුහරප කියමින් බැන්නේය. පහර දුන්නේය. ටොකු ඇන්නේය. අනතුරුව අත කරකවා කඩා දැම්මේ ආයෙත් රණවීර මුදලාගේ කඩෙන් ෆැන්ටා බීලා සල්ලි නොදී නොයන්නටය.

මේවා අපට නැවත නැවතත් සිහිපත් කරන්නේ මානව හිමිකම් පිළිබද එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනයයි. එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුතියයි. එක්සත් ජාතීන්ගේ ආර්ථික සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබද සම්මුතියයි.

ඒ වගේම මේ සිද්දි වදහිංසාවෙන් වැලකීම මුලික අයිතිවාසිකමක් ලෙස පිළිගත් එපමණක් නොව වදහිංසාව අපරාදයක් කල අපේ නිතිය ගැන ලැජ්ජාවක් ඇති කරයි.

මේ අපරාද සිදු කරන බහුතරයක් මුර බල්ලන් මානව හිමිකම් ගැන කොස් කරපු අයයි.

ඉතින් මෙවැනි තත්වයක් පිලිබිබු කරන්නේ වහල් සමාජයකවත් නොපැවති බියකරු තත්වයකි. වහල්බාවය පැවති සමාජයේ මෙවැනි සම්මුති නීති හෝ කොස් හෝ ව්ක්ෂොප් තිබුනේ නැත. මෙම නුවර එලිය තරුණයාගේ සිද්දිය වහල් ගති ලක්ෂණ රාව ප්‍රතිරාව දීමකි.


හර්ෂි සි. පෙරේරා