හේමන්ත රන්දුණු
අනියම් සම්බන්ධයක් මුල් කරගෙන ඇති වූ ආරවුලක් මත කැනඩාවේ පදිංචිව සිටි දෙමළ ජාතික සැමියකු ශ්‍රී ලංකාවට පැමිණ යාපනය චාවාකච්ෙච්රි ප්‍රදේශයේ සිටි සිය බිරිඳ කෲර අන්දමින් ඝාතනය කර හොර රහසේ ම රටින් පලා යැමට උත්සාහ කරද්දී යුද හමුදාව සහ පොලිසිය මගින් ඊයේ (07 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
මුහුණ පොඩි වනතුරු පහරදී කෲර අන්දමින් ඝාතනය කළ බිරිඳගේ මළ සිරුර චාවාකච්ෙච්රි ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබියදී පොලිසිය මගින් සොයාගෙන තිබේ.
මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ 42 හැවිරිදි කුගදාසන් ශාන්තිනී නමැති කාන්තාවකි. සැකකාර සැමියා සිය බිරිඳ ඝාතනය කර ඇත්තේ ඇයට අනියම් සම්බන්ධතාවක් තිබෙන බවට චෝදනා කරමින් ය.
එහෙත් සැකකාර සැමියා අනියම් සම්බන්ධතා කීපයක් ම පවත්වාගෙන ගිය අයකු බව පරීක්ෂණවලදී හෙළි වී ඇත.
සැකකරු පහළොස් වසරකට ආසන්න කාලයක් තිස්සේ කැනඩාවේ පදිංචිව සිටි අයෙකි. මොහුගේ බිරිඳ සහ දරුවා චාවාකච්ෙච්රිය ප්‍රදේශයේ පදිංචිව සිටියේය.
බිරිඳගේ අනියම් සම්බන්ධතාවක් තිබෙන බව දැන ගැනීමෙන් පසු දැඩි ලෙස කෝපයට පත්ව ඇති සැකකාර සැමියා ඇය මරා දැමීමට සැලසුම් කර තිබේ. ඉකුත් 04 වැනිදා ඔහු කැනඩාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර කොළඹින් සුදු පැහැති වෑන් රථයක් කුලියට ගෙන එහි නැඟී යාපනය චාවාකච්ෙච්රිය ප්‍රදේශයට ගොස් ඇත.
වව්නියාව ප්‍රදේශයේදී සැකකරුගේ මිතුරන් දෙදෙනකු ද වෑන් රථයට නැඟී ඇති අතර ඔවුන් චාවාකච්ෙච්රිය ප්‍රදේශයේ ලැඟුම්හලක නවාතැන් ගෙන තිබේ.
පෙරේදා (06 වැනිදා) දහවල් සුදු වෑන් රථයෙන් බිරිඳගේ නිවසට ගොස් ඇති සැකකරු සිය බිරිඳ සහ පහළොස් හැවිරිදි පිරිමි දරුවා පැහැරගෙන ගොස් ඇත.
අතරගමඟදී දරුවා සිය මිතුරකු සමඟ ලැඟුම්හල වෙත පිටත් කළ සැකකාර සැමියා බිරිඳ රැගෙන චාවාකච්ෙච්රිය ප්‍රදේශයේ කැලෑවකට ගොස් තිබේ. එහිදී මෙම අනියම් සම්බන්ධය සහ ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් සැකකරු සිය බිරිඳගෙන් ප්‍රශ්න කර ඇති අතර එය කැමරාවකින් රූපගත කර ඇත. පසුව ඉතාම කෲර අන්දමින් ඇගේ මුහුණ පොඩි වී යනතුරු පහර දුන් සැකකරු ඇය මරා දමා සිරුර සඟවා තිබේ.
සැකකරු යතුරුපැදියක නැඟී නවාතැන්පළ වෙත යද්දී හමුදා මාර්ග බාධකයකදී පරීක්ෂා කර ඇත. සැකකරුගේ හැසිරීම කෙරෙහි සැක පහළ කළ හමුදා නිලධාරීන් ඔහු චාවාකච්ෙච්රිය පොලිසිය වෙත භාර දී තිබේ.
එහිදී කළ ප්‍රශ්න කිරීම්වලදී තමා සිය බිරිඳ ඝාතනය කළ බව සැකකරු පිළිsගෙන ඇත. බිරිඳ පැළඳ සිටි රන් ආභරණ කීපයක්ද සැකකරු සතුව තිබී පොලිසිය සොයාගෙන තිබේ.
බිරිඳ පැහැර ගැනීsමට යොදා ගත් වෑන් රථය සහ රියෑදුරු ද පොලිසිය අත්අඩංගුවට ගත් අතර නවාතැන්පළේ සිටි දරුවා ද පොලිස් බාරයට ගෙන තිබේ.
උතුර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වූ විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම ඝාතනයේ සුල මුල හෙළි කරගත්හ.
චාවාකච්ෙච්රිය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගැනීමට සහ සඟවා තිබූ කාන්තාවගේ මළ සිරුර සොයා ගැනීමට යුද හමුදාව පොලිසියට විශේෂ සහායක් ලබා දුන් බවද ගාමිණී සිල්වා මහතා කියා සිටියේය.
යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නෙවිල් පද්මදේව, සහකාර පොලිස් අධිකාරී අබේසිංහ බණ්ඩාර යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ඒ. චන්ද්‍රසේකර මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
Post a Comment