අපේ ප‍්‍රශ්න අපිම විසද ගන්නවා - කාදිනල් තුමා

ඇතැම් රටවල් අපේ ප‍්‍රශ්නවලට ඇඟිලි ගසතියිද තම ගෙදර ප‍්‍රශ්න ඇති අය අපේ ප‍්‍රශ්න විසඳීමට ඉදිරිපත්වීම ශීලාචාර කි‍්‍රයාවක් නොවෙතියිද මැල්කම් රංජිත් කාදිනල් තුමෝ කෑගල්ල ශාන්ත මරියා දේවස්ථානයේදී පැවැසූහ.

අපේ අඩුපාඩුකම් තිබෙන්න පුළුවන්. අප අවංකවම ඒවා සොයා බලා විසඳාගන්නවා. රටේ නායකත්වය හා නායකයන්වීමට සිටින අය සංවාදයක් මගින් ඒ අඩුපාඩු සකසා ගත යුතුයි. උතුරු නැගෙනහිර ප‍්‍රශ්නයට විශේෂයෙන් සංවාදයක් මගින් සම්මුතියක් ඇතිකර ගත යුතුයි. ”