රුපියල් තිස් ලක්ෂයක වංචාව

රුපියල් තුන් කෝටියක් වටිනා බව කියූ පිළිස්සූ දියතරිප්පුවක් පෙන්වා රාගල ව්‍යාපාරිකයකුගෙන් රුපියල් තිස් ලක්‍ෂයක් වංචා කළ බව කියන සිවිල් ආරක්‍ෂක බලකායේ සෙබළකු හා ඔහුගේ බිරිය ඇතුළු සිවුදෙනකු සොයා අනුරාධපුර පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

හුරුළුවැව නිකවැව පෙදෙසේ නිවෙසක දී රුපියල් තිස්ලක්‍ෂයක් ඇපයට තබා මැණික් ගල මැදීමට මහනුවර බලා යද්දී සෙබළා දඹුල්ලේදී අතුරුදන්වී ඇතැයි පොලිසිය කියයි.