සබරගමුව විශ්ව විද්‍යාලයේ සියලු ශිෂ්‍ය සංගම් තහනම් කරයි.

සබරගමුව විශ්ව විද්‍යාලය තුල ක්‍රියාත්මක වන සියලු ශිෂ්‍ය ව්‍යාපාර රජය විසින් තහනමට ලක්කර ඈත. රජය විසින් මේ සම්බන්ධයෙන් කියන්නේ විශ්ව විද්‍යාලයේ පරිපාලනය සහ විනය පවත්වාගෙන යෑමට මෙම තීරණය ගත් බවයි

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අන්තර් විශ්ව විද්‍යාලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පැවසූයේ විශ්ව විද්‍යාලයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් සිසුන් ගෙන ගිය කථිකාව මර්ධන කරන්නට ගත් ඉතා අධම දේශපාලනික තීන්දුවක් බවයි. තමන්ගේ සටන කිසි ලෙසකින්වත් මොවායින් අඩාල කරනු බැරි බව කී හෙතෙම මේ සම්බන්ධයෙන් ගන්න ඉදිරි ක්‍රියාමාර්ග මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බව පැවසීය.

Tell a Friend