වංචා දූෂණ මාධ්‍යට හෙළිදරව් කළ සමෘද්ධි සංගමයේ ප්‍රධාන ලේකම්ගේ වැඩ තහනම්

වංචා දූෂණ මාධ්‍යට හෙළිදරව් කළ සමෘද්ධි සංගමයේ ප්‍රධාන ලේකම්ගේ වැඩ තහනම් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ සහෝදරයාගේ වැඩතහනම් කිරීමට සමෘද්ධි අධිකාරියේ අධ්‍යක‍ෂ ජනරාල්වරයා ගනු ලැබූ තීරණය ආණ්ඩුවේ දේශපාලන පළිගැනීමක් වන බව එම සංගමය චෝදනා කරයි. මාධ්‍ය වෙත තොරතුරු අණාවරණය කිරීමේ චෝදනාව මත සිදුකර ඇති මෙම වැඩතහනම් කිරීම වෘත්තීය සමිති නිදහසටත් දේශපාලන නිදහසට මෙන්ම මාධ්‍ය නිදහසට එල්ල වී ඇති බරපතල තර්ජනයක් බව එම සංගමය අවධාරණය කර තිබේ.

පසුගිය පළාත් පාලන මැතිවරණය සමයේ ආණ්ඩුවේ සෘජු මැතිවරණ ව්‍යාපෘතියක් ලෙස ගෙන එනු ලැබූ දිවිනැගුම වැඩසටහන සඳහා ප්‍රචාරක බැනර් ප්‍රදර්ශනය කිරීමට පමණක් සමෘද්ධි අධිකාරිය වැය කර ඇති මුදල රුපියල් එක්කෝටි පනස්ලක‍ෂ හැටපන්දහසක් වී ඇත. මේ බව මුලින්ම මාධ්‍ය වෙත කරුණු අණාවරණය කිරීමට සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය කි්‍රයාකිරීමත් සමඟ එහි ප්‍රධාන ලේකම්ගේ වැඩ තහනම් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. පසුගිය ජනාධිපතිවරණය සමයේ දී වත්මන් ජනාධිපතිවරයා විසින් සමෘද්ධි නිලධාරීන්ට පූර්ණ විශ්‍රාම වැටුපක් ලබාදෙන බවට පොරොන්දු වී ඇතත් එය මෙතෙක් සිදු නොකර දායක විශ්‍රාම වැටුපක් නියම කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවටත් ඊට විරෝධය පලකරමින් වෘත්තීය කි්‍රයාමාර්ග ගැනීමට සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයකටයුතු කිරීමත් මෙම වැඩතහනමට තවත් ආසන්න හේතුවක් වී ඇති බව ද තවදුරටත් එම සංගමය පෙන්වා දෙයි. තවදුරටත් සංගමය පෙන්වා දෙන්නේ සමෘද්ධි අධිකාරිය විසින් මෙතෙක් කි්‍රයාවට නැගූ මහජන සුභසාධන ව්‍යාපෘති ගණනාවක්ම දැනටමත් නැවතී ඇති ඇති බවයි. දිරිය පියස නිවාස ව්‍යාපෘති වැඩසටහන, ස්වයං රැකියා ලාභීන් දිරිමත් කිරීමේ වැඩසටහන් ඇතුළු ව්‍යාපෘති ගණනාවක් මෙසේ නවතා ඇත. මහජන සුභසාධනය මෙන්ම සේවක සුභසාධනයට අදාල කිසිදු කි්‍රයාමාර්ගයක් නොගන්නා සමෘද්ධි අධිකාරිය තනිකරම ආණ්ඩුවේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් මහජන මුදල් නාස්ති කරමින් සිටී. ඊට එරෙහිව හ`ඩ නගන සේවක වෘත්තීය සමිති කි්‍රයාකාරිකයින් දඩයම් කිරීමට පටන්ගෙන ඇති බව මෙම වැඩතහනම හරහා ඔප්පු වන බව ද තවදුරටත් පෙන්වා දෙන සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය මෙම තත්වය පරාජයට පත්කිරීම සඳහා සියළු වෘත්තීය සමිති ඒකාබද්ධව හ`ඩ නැගිය යුතු බව ද අවධාරණය කරයි. වැඩතහනමට ලක්කළ චාමර මද්දුමකළුගේ මෙවර පළාත් පාලන මැතවිරණයේ දැනට කල්තබා ඇති කැස්බෑව නගර සභාවට ජනතා විමුක්ති පෙරමුණේ අපේක‍ෂකයකු ලෙසද ඉදිරිපත් වී සිටී.
Tell a Friend