අද දිවයින පුවත් පතේ කතුවරයා විසින් කාන්තාවන් ඉලක්ක කොට ගෙන යමක් ලියා ඇත. ලියමින් තමන්ගේ පැරණි දේශපාලන මතවාදයම දිග හරිමින් ස්ත්‍රීන් වෙනුවෙන් පෙනී සිටීමට සංවිධාන නැති බවත් ඉන්නේ ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටීමට ති සංවිධාන බවත් කියයි. ඔහු එක හෙලම ස්ත්‍රිය පොදු සංඛේතයෙන් වෙන් කොට ඇත. අපට අනුව කාන්තාව වූ කලි ලිංගික විද්ගේදනයක් මිස කරන කටයුතු වල නිෂ්පන්නයක් නොවේ. එය ඉතා වැදගත් වන්නේ පරම්පරාව පවත්වාගෙන යාමට මිස කෙනෙක් විසින් තවත් අයෙක් යටත් කිරීමට නොවේ. සැබවින්ම මේ සියල්ල අවසානයේදී අපි තේරුම් ගත යුත්තේ සියල්ල මිනිසුන් බවය.
කතුවරයාට අනුව ලංකාවේ වද හිංසනයට ලක් වන සාමාන්‍ය කතුන් සඳහා පෙනී සිටින සංවිධාන නැත. එය ඔහුගේ අවබෝධයේ තරමය. පසුගිය කාලය පුරාම කොලම සිට ක්‍රියාත්මක වන ජනසංසදය නමැති සංවිධානයත්, ආසියානු මානව හිමකම් කොමිසම නමැති සංවිධානයත් ක්‍රියා කළ ආකාරය සහ ඒ වෙනුවෙන් කළ කටයුතු ප්‍රකාශනයන් පරිශීලනය කළහොත් අවබෝධ කර ගැනීම පහසුය. නමුත් ඒ වෙනුවට හේතුම අදාළ සංවිධාන එන්ජිඕ යැයි කියමින් කට්ටි පැනීමට බැරි නැත. කාන්තාවන්ගේ අයිතීන් ඔබට රැකීමට සැබෑ උවමනාවක් ඇත්තනම් ඔබ කතා කළ යුත්තේ සහ පෙනී සිටිය යුත්තේ වද හිංසාවට ලක් වූ කාන්තාවන් වෙනුවෙන්ය.
සීයට 50 ක් පමණ එකනග විය හැකි දිවයින කතවරයාගේ සටහන පහත පල වේ.
ශතවර්ෂාධික කාලයක් මුළුල්ලේ ස්‌ත්‍රීත්වයේ ගුප්ත බවත්, සෞන්දර්යත් මෙනෙහි කළ පෘථිවියේ මනුෂ්‍ය ප්‍රජාව විසින් ස්‌ත්‍රිය මනුෂ්‍ය බලවේගයක් වශයෙන් සලකන්නට පටන්ගෙන අදට වසර සියයකි.
තවත් විදිහකට ප්‍රකාශ කරන්නේ නම් වර්ෂ 1911 දී ආරම්භවූ ජාත්‍යන්තර කාන්තා දිනයට අදට සියවසක් සපිරෙයි.
එහෙත් මේ ගෙවී ගිය සියවස වූ කලී ස්‌ත්‍රීන් තම අයිතිවාසිකම් සහ උරුමයන් අරභයා අඛණ්‌ඩව අරගල කළ සියවසක්‌ම මිස පූර්ණ කාන්තා විමුක්‌තියක් උදාකොටගත් සියවසක් යනුවෙන් නොසැලකෙයි.
නිදහසේ පාරාදීස යෑයි සැලකෙන බටහිර යුරෝපයේ හෝ ඇමරිකා එක්‌සත් ජනපදයේ පටන් ආගමික මූලධර්මවාදීන්ගේ රාජ්‍ය ගුබ්බෑයම් දක්‌වා වූ සකල රාජ්‍ය පද්ධතිය තුළම තවමත් ස්‌ත්‍රිය අසාධාරණයට හා අයුක්‌ති සහගත සැලකීමට ලක්‌වන්නේම ය.
හිංසනයට, දූෂණයට සහ ලිංගික සූරාකෑමට ලක්‌වන්නේම ය.
ඒ වූ කලී ස්‌ත්‍රිය පුරුෂයාට වඩා දුබලය යන කල්පනාව විසින් ක්‍රියාත්මක වන්නක් පමණක් නොවේ. ස්‌ත්‍රිය වූ කලී පුරුෂයාගේ ප්‍රයෝජනය සඳහා බිහිවූ (හෝ බිහි කළ) සත්ත්වයෙක් යෑයි යන කල්පනාව විසින්ද ක්‍රියාත්මක වූවකි.
මෙය ස්‌ත්‍රීනට සිදුවන බොහෝ අසාධාරණකම් පිළිබඳ අවසාන විග්‍රහයකදී ප්‍රත්‍යක්‍ෂ කොටගත හැකිය.
එහෙත් ඉතාම සත්‍යය නම් මීට එරෙහිව නැගී සිටියේ ස්‌ත්‍රීන් පමණක් ම නොවේය යන්න ය. ස්‌ත්‍රිය පුරුෂයාගේ වහලියක් වශයෙන් හෝ දේපළක් වශයෙන් හෝ නොසැලකූ උත්තම පුරුෂයෝ එදා ද ලෝකයේ සිටියහ. අද ද සිටිති. එසේ වුව ද ස්‌ත්‍රිය ඇයට හිමි පූර්ණ ගෞරවයෙන් සලකන සමාජයක් තවම ලෝකයේ බිහිවී නොමැතිය යන්න සත්‍යය වේ.
ලෝකයේ කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ නම් එබඳු තත්ත්වයක් ඇතිවනු තබා ඇතිවන බවක් පෙනෙන්නට ද නැත. වෙනෙකක් තබා ශ්‍රී ලංකාවේ ස්‌ත්‍රීන්ට සිදුවන අකටයුතුකම් පිළිබඳව ශ්‍රී ලංකාවේ ස්‌ත්‍රීන්වත් කටයුතු කරනුද දක්‌නට නොහැකිය.
(ශ්‍රී ලංකාවේ ස්‌ත්‍රී සංවිධාන යනුවෙන් අටවා ගත් අටමඟල් කොතෙකුත් පැවතියද ඒවා පෙනී සිටින්නේ ත්‍රස්‌තවාදීන් හෝ ඔවුන්ගේ භාර්යාවන් වෙනුවෙන් පමණකි.)
ශ්‍රී ලංකාව තුළ ස්‌ත්‍රියට එරෙහිව කොතෙකුත් සිදුවන ගෘහස්‌ත ප්‍රචණ්‌ඩත්වයට සහ සමාජ ප්‍රචණ්‌ඩත්වයට කදිම නිදර්ශන දෙකක් පසුගිය දිනවල ජනමාධ්‍ය ඔස්‌සේ කරළියට පැමිණියේ ය.
එකක් නම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියකට ඇයගේ සැමියා විසින් බිම දිගේ ඇදගෙන ගොස් මුහුණ කට සමතලා වෙන්නට පහර දීමය. (සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් නොවන ශ්‍රී ලාංකේය ස්‌ත්‍රීන්ට සිදුවන මෙබඳු විපත් ජනමාධ්‍යයෙන් වාර්තා වන්නේ නැත සාමාන්‍යයෙන් දුම්රියේදී හෝ බස්‌රථයේදී ශ්‍රී ලාංකේය ස්‌ත්‍රීන්ට සිදුවන දහසකුත් එකක් ලිංගික හිංසන ද ජනමාධ්‍යයෙන් වාර්තාවන්නේ නැත.)
අනෙක නම්, ප්‍රාදේශීය සභා මැතිවරණයට තරගවදින කාන්තා නියෝජිතවරියකට (ඇය ගැබිනි මවකි) ඇයගේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයක අපේක්‍ෂකයකු විසින් පහර දීමය.
මීට අමතරව මැදපෙරදිග සිට සිරුරේ ඇණ ගසා කටුගසා එවන කාන්තාවන්ගෙන් ද දැන් නිමක් නැත.
රට තුළ ස්‌ත්‍රීන්ට සිදුවන හිංසන ක්‍රියා මෙපමණක් නොවේ. තව බොහෝය. ඒවා එන්න එන්න වැඩිවනු මිසක් අඩුවන බවක් ද නොපෙනෙයි. එහෙත් ඒ සඳහා හඬනඟන මොනම ස්‌ත්‍රී සංවිධානයක්‌වත් නැත.
මොනම මානව හිමිකම් සංවිධානයක්‌වත් නැත.
ස්‌ත්‍රියට සිදුවන මෙකී නොකී සියලු අකටයුතුකම් වෙනුවෙන් එම උලව් සංවිධාන පමණක් හඬනඟනතුරු සිටිය යුතු යෑයි අපි නොකියමු.
ඒ සඳහා සැබෑ පිරිමින්ගෙන් සැදුම්ලත් මේ රටේ සමස්‌ත සමාජයම පෙරට ආ යුතුය.
නිකම් විලාසිතාමය ආකාරයකට හෝ ලෝකයේ වෙනත් අයත් සමරන නිසා අපිදු ඔන්න ඔහේ සමරමුය යන අදහස නිසා හෝ කාන්තා දිනය සැමරීමෙන් කාන්තාවට හෝ රටට හෝ සිදුවන යහපතක් නැත.
කාන්තා දිනය, කාන්තාවට එරෙහිව සිදුවන සියලු ජඩකම්වලට එරෙහිව තීන්දු තීරණ ගැනීමට මුළු රටම පොළඹවන දිනයක් විය යුතුය.

Post a Comment