සුබ අනාගතයක්! දුපත් තුනක් විකුණයි.

රාජපක්‍ෂ ආණ්ඩුව විසින් කල්පිටියේ පිහිටි දුපත් 3ක් විදේශීය රටවල් 3කට විකුණා ඇත. මෙම දුපත් මිලදී ගෙන ඇත්තේ ඉන්දියාව, ස්විට්සර්ලන්තය සහ මාලදිවයිනයි.

වෙල්ලායි දුපත අවුරුද්දට රුපියල් ලක්‍ෂ 34කට, ඉච්චතිවු දුපත අවුරුද්දකට එක්කෝටි හතලිස් නව ලක්‍ෂයකට ද විකුණා ඇති අතර වසර 30ක් සඳහා දුපත්වල අයිතිය පවරා ඇත.

ශ‍්‍රී ලංකාව සතු මෙම දුපත් විකිණීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කිසිදු අවසරයක් ලබාගෙන නැති අතර අද මේ බව හෙළි කළේ පාර්ලිමේන්තුවේදී නැගූ ප‍්‍රශ්නයකට ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතායි.