රාහුල් ගාන්දි පිළිබද හෙළිදරවුව

මාර්තු පළවෙනිදා ප්‍රවීන තීරු ලිපි රචකයෙකු සහ අබ්යන්තර දේශපාලනයට සම්බන්ද සීඩ් නක්වි රාහුල් ගාන්දි ගැන මෙම අදහස් පොලොෆ්ෆ් සමග පැවති සාකච්චාවකදී හෙළිදරවු කරන ලදී. නවීක් පැවසූ පරිදි ඔහු රාහුල්ගේ පියා රජීව් ගන්දිගේ පුද්ගලික මිතුරෙකි. ඒ වගේම ගාන්දි පවුලේ සුබසිද්දිය ප්‍රර්ථනා කරන්නෙකි. සෝනියා ගාන්දි රාහුල්ව සිය උරුමකරු ලෙස පත්කිරීමේදී නවික් අමන්දානන්දනයට පත් වී ඇත. නමුත් මේ වන විට එම විශ්වාසය නැති වී ඇත. කොන්ග්‍රසයේ අබ්යන්තර ආරංචි මාර්ග වලට අනුව සහ සෝනියා ගාන්දි වටා සිටින පිරිසට අනුව කාරණා ගණනාවක් හේතුවෙන් රාහුල් කෙදිනකවත් අගමැති දුරයට පත් නොවෙනු ඇත. රාහුල් ඕපාදුප කතා තරයේ ප්‍රතික්ෂේප කරයි. නවික් කියන ආකාරයට වැඩි පිරිසකගේ පොදු දැනීම නම් රාහුල්ට පොවුර්ශත්වය පිළිබද ගැටළු ඇත. එම හැගීම් හෝ මානසික සුවාබවය ඔහුව අගමැතිවරයා ලෙස කටයුතු කිරීමෙන් වලක්වනු ඇත.

නවික් වැඩිදුරටත් කිවේ උත්තර් ප්‍රදේශයේ ගන්දිගේ සාක්කුවේ පවත්නා ඇමති අසුනේ මන්ත්‍රීවරයකු ලෙස රාහුල් අසාර්ථක බවයි. උත්තර ප්‍රදෙශ්‍යහි රාහුල් කේන්ද්‍රකර ඔහුගේ උන්නතිය සදහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කොන්ග්‍රසය බලාපොරොත්තුවෙයි. ගාන්දි පෙළපතේ සාමාජිකයකු හැටියට ඔහුගෙන් යහපතට වඩා සිදු වන්නේ අයහපතකි. ඒවගේම ප්‍රාන්තයේ කොන්ග්‍රස් නායකත්වයට ඔහුගේ ක්‍රියාවන් හරස් කැපිමක්ද වෙයි. නවික්ට අනුව රාහුල් උත්තර ප්‍රදේශය වෙනුවෙන් කල කිසිවක් නැත. ඔහු කලේ ඇමති අසුන වෙනුවෙන් නාම මාත්‍රිකව පෙනී සිටීම පමණි. ප්‍රාන්තයේ මිනිසුන් තුල හැගීමක් ඇතිවන කිසිවක් ඔහු කලේ නැත. මේ තත්වය ඇති කල අදයිර්යනම් කොන්ග්‍රසය මහා ඇමති මුලයම් සින් යදෙවූ සහ ඔහුගේ සමාජවාදී පක්ෂය ට අයිති ප්‍රාන්තය ඉතා මෑතකදී කොයිම මොහොතකදී හෝ අත්පත් කර ගන්නා බවයි. මේ නොඉවසුම් බව අබ්යන්තරයේ නොයෙක් කතාබහට තුඩු දෙන ලදී. ඒ අතර කොන්ග්‍රසය කනිෂ්ටයකුගේ බුමිකාව රගපානවද නැතිනම් මායාවතී සහ අගේ දලිත් පදනම් වූ පක්ෂය බි එස් පි පක්ෂය සමග සුදුසු කලාපිය මිත්‍රත්වයක් ඇති කර ගන්නවද යන්නයි.

නවික් කියන ආකාරයට ගාන්දි පවුල වඩා කැමති වුයේ රාහුල්ගේ සොහොයුරිය ප්‍රියංකා දේශපාලනයට එනු දැකීමටය. ඇය වඩා බුද්දීමත්ය. ඔහු තර්ක කරන්නේ සෝනියා ඉතාලි මවක් වුවත් ඉන්දියානු මවක් වගේ බවයි. ඇයටද තම පුතාව රැක ගැනීම පිළිබද හැගීම ඇත. නවික් පල කරන සැකය වන්නේ ඇය තමා එලබ සිටින යහපත් තීන්දුවට විරුද්දව ගොස් රාහුල්ගේ සහෝදරිය වෙනුවට රාහුල්ව උරුම කරු ලෙස තෝරාපත් කර ගනීද යන්නය. නවික් කියන ආකාරයට ගාන්දි පෙළපතේ දේශපාලනයට අනාගතයක් නැත. සුදුසු චරිතයක් නොමැති කමින් පවුලේ අය අගමැතිකමට පත්වෙනු වෙනුවට එයින් විසිව යාමක් සිදුව ඇත. පෙළපත තුල අවසාන වතාවට ඉතා පලදායි ආකාරයට අගමැති තනතුරේ කටයුතු කලේ ඉන්දිරා ගාන්දිය. රජිවූ ගාතනය වුයේ නැතත් ඔහු නැවත වරක් මැතිවරණයකදී තේරී පත් වන්නේ නැත. නවික් පෙන්වන ආකාරයට දේශපාලනයේ නිරත වීමේ හැකියාව අතින් රාහුල් තම පියාටත් වඩා දුර්වල බව කොන්ග්‍රසයේ අබයන්තර සාමාජිකයින්ගේ හැගීමයි.

නවික්ගෙ විවේචන අපි වෙනත් ස්ථාන වලදී ඇසු දේට වඩා වෙනස් එමෙන්ම තියුණු මුහුණුවරකින් යුතුය. කොන්ග්‍රසයේ අපි දන්නා උදවිය සෝනියා හදුන් වන්නේ දැක්මක් ඇති නායිකාවක් ලෙසයි. ඇයට ඉන්දියාවේ සාමාන්‍ය මිනිසා පිළිබද හැගීමක් ඇත. නමුත් රාහුල්ව මේ ආකාරයට විවේචනය කිරීමට කොන්ග්‍රසය තුල ඉදිරිපත්වන්නේ අතලොස්සකි. රාහුල් තම දේශපාලනයේ සමකාලීනයන්ට වඩා විරුද්දත්වයක් දිල්ලි සමාජය කෙරෙහි ඇති කර ගෙන ඇත. රාහුල්ව සැලකිල්ලට ගැනීමේදී ඔහු පවත්වාගෙන යන්නේ ඉතා පහල මට්ටමේ ආකෘතියකි. ඔහු සියල්ල තමා තුල නැතිනම් සමීප මිතුරන් කිහිප දෙනෙක් අතර තබා ගනී. මෙසේ කොන්ග්‍රසයේ අබ්යන්තරය තුල රාහුල් පිළිබද අසතුටක් නිර්මාණය වෙද්දී ඔහු මාද්‍ය වාර්තා වල විෂය වී ඇත. ඒවා ජනවාරි මස මුලදී පවත්වන කොන්ග්‍රස් තරුණ පුහුණු කදවුරේ ඔහුගේ සහබාගිත්වය සහ ඔහු තරුණ ඉන්දියාවේ නායකත්වය බවටත් මහජන කැමැත්ත හිමි පිබිදෙන නායකයා බවටත් යන මැන්ටලය නිර්මාණය කරමින් තිබේ. දින දෙකේ තරුණ පුහුණු සැසියේදී හෙතෙම කෝලා නිෂ්පාදන වල ඇති කෘමිනාශක ගැන ඉන්දීය ආණ්ඩුවේ ගෝලීයකරන ප්‍රතිපත්තිය ආරක්ෂා කරමින් කර්මාන්ත ශාලා වැසීමට විරුද්ද වෙමින් ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන ඒවා එකිනෙකට බලපාන ආකාරය ගැන සාකච්චා කළේය. මෙවැනි ප්‍රසිද්දියක් රාහුල් විසින් වින්දනය කරමින් සිටිද්දී නවික් හැරුන විට අපි නම් ඔහුව පහලට දමා ලියන්නට සුදානමක් නැත.



මුල්ෆොර්ඩ්