මුදල් අමාත්‍යයංශ සේවකයින්ගේ පුද්ගලිකත්වය දංගෙඩියට

සැක කටයුතු ගණුදෙනු සඳහා මේ වන විට ශ‍්‍රී ලංකාවේ අංක එකට පත්ව ඇති මුදල් අමාත්‍යාංශයේ ලොකු කුඩා සියළු සේවකයන්ගේ පෞද්ගලිකත්වය රාජපක්‍ෂ රෙජීමයට බාර දෙන්නැයි ඊයේ එම අමාත්‍යාංශය නියෝගයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ.

එනම් සියළු සේවකයන්ගේ දුරකථන අංක අමාත්‍යාංශයට දැන්විය යුතු බවයි. මෙහිදී තමන්ගේ කාර්යාල දුරකතනයන්ට අමතරව තමන්ගේ පෞද්ගලික ජංගම දුරකථන පමණක් නොව නිවසේ තිබෙන දුරකතන වල අංකයන් ද අමාත්‍යාංශයට දැන්විය යුතු බවට නියෝග නිකුත් කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.