ඩිල්ෂාන් රටට ආඩමිබරයක්

තහනම් උත්තේජක ගත්තැයි අසත්‍ය චෝදනාවනට ලක්වූ තිලකරත්න ඩිල්ෂාන් ඊයේ සිම්බාබ්වේ තරගයේදී එම කතා පැතිරවූවන්ට පිත්තෙන් හා පන්දුවෙන් පිළිතුරු දුන්නේය.

ඩිල්ෂාන් සිය ඉනිමේදී 144 ක් ලබා ගැනීමත් පන්දු යවා ලකුණු 4ට කඩුළු 4 ක් ලැබීමත් නිසා තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබූ අතර ඔහු හා උපුල් තරංග(133)* එක්වී පළමු කඩුල්ල සඳහා පැවැත්වූ ලකුණු 282  සම්බන්ධතාව ලෝක කුසලාන වාර්තාවක් ලෙසද සටහන් විය. මින් ඉහත වැඩිම සබඳතාව පවත්වා තිබුනේ ලකුණු 194 සයිද් අන්වර්-වජහ්තුල්ලා වස්ති අතරය.

එක් දින තරගයක වාර්තාව සනත් හා උපුල් තරංග අතර 286 බිඳ දැමීමට තව ලකුණු 5ක් ගත්තේ නම් හැකිව තිබිණි.