හෙයිටියේ හිටපු ජනාදිපති ආපසු ගෙදර පැමිණෙනු ඇත.

දකුණු අප්‍රිකාවට පිටුවහල්ව සිටි හෙයිටියේ හිටපු ජනාදිපති ජියන් බට්‍රෙන්ඩ් අරිස්ටිඩ් නැවත හෙයිටියට පැමිණීමට සුදානමින් සිටියි.

මෙම පැමිණීම වැළැක්වීමට ඇමෙරිකානු ජනාදිපති බරක් ඔබාමා උත්සාහ කලේ එය මාර්තු 20 හයිටියේ මැතිවරණයට බාදාවක් වේයයි සිතු බැවිනි.

මේ පිළිබද අදහස් දැක්වූ ට්‍රාන්සෆ්රිචා සමාජ යුක්ති සංසදයේ සබාපති ග්ලොවෙර් කිවේ හෙයිටියේ හිටපු ආඥාදායක ජෙං ච්ලෝඩ් දුවලිඑර් ට කිසිදු බාදාවකින් තොරව සිය රට පැමිණිය හැකි වූ නමුත් ප්‍රජන්ත්රවදිව බලයට පැමිණි ප්‍රජතන්ත්රිව තම බලය ආපසු බාරදුන් නායකයකු වූ අරිස්ටිඩ් ට මෙසේ සියරට පැමිණීම සිමා කර ඇති බවයි.

අරිස්ටිඩ් තමා හයිටියේදී දේශපාලනය කිරීමට බලාපොරොත්තු නොවන බවත් තම පදනම මගින් රටේ අද්‍යාපනය දියුණු කිරීමට කටයුතු කරන බවත් පවසයි.

අල ජසීරා ඇසුරෙන්