පොන්සේකාට අසනිපයි

සිර දඬුවම් විඳින හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ රෝගී තත්ත්වය නිසා ඔහු කොළඹ ජාතික රෝහලේදී එක්ස්රේ පරීක්‍ෂණයකට යොමු කළ බව බන්ධනාගාර මූලස්ථානය කියයි.

එහිදී ඔහු උගුර කන නාසය පිළිබඳ සායනයකට යොමු කොට බන්ධනාගාරයට රැුගෙන ආ බවත් ෆොන්සේකා මහතාට විවේකයෙන් ඉන්නට දෙන්නැයි වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් කළ
නිර්දේශය අනුව තෙදිනක් තිස්සේ නඩුවලට ඉදිරිපත් කරන්නට නොහැකි වූ බවත් වැලිකඩ බන්ධනාගාර අධිකාරී ලක්‍ෂ්මන් අබේගුණවර්ධන මහතා කියයි.