නිල් බලකාය තංගල්ලේ මුස්ලිමි ජනයාට තර්ජනය කරයි

තංගල්ල නගර සභාවේ තීරක ඡුන්ද දායකයන් පිරිස වන තංගල්ල නගරයේ වෙසෙන බහුතර මුස්ලිම් ඡුන්ද දායකයන්ට හෙට උදෑසන ඡුන්ද පොලට නොයන ලෙස නිල් බලකායේ අවිගත් මැර පිරිසක් මේ මොහොත වන විට තර්ජනය කරමින් ඡුන්ද දායකයන් බිය වද්දමින් සැරි සරන බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

රෝසා සහ උක්කුවා නම් කුප‍්‍රකට මැර නායකයන් දෙදෙනා පෙරටු කොට ගෙන තංගල්ල නගරයට පැමිණි නිල් බලකායේ මැරයන් ගිනි අවි රැුගෙන මුස්ලිම් ඡුන්ද දායකයන්ට මෙසේ තර්ජනය කරද්දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තංගල්ලේ කාල්ටන් මන්දිරයේ අද රාත‍්‍රී ගත කිරීම විශේෂිතය.