"ලේ සල්ලි" වල පිහිටෙන් සි.අයි.ඒ මිනිසා නිදහස්

සි. අයි. ඒ කොන්ත්‍රාත්කරුවකු වන රේමන්ඩ් ඩාවිස් පකිස්තනයේ ලාහෝර් වල මිනිසුන් දෙදෙනකු මරා දැමීම පිලිබදව චෝදනා ලැබිය. ඔහු මියගිය අයගේ ඥාතීන්ට ලේ සල්ලි දීම නිසා නඩුව අතහැර දැමිණි.

ඔහු තමන් මිනි මැරු බව කියා සිටි නමුත් කිවේ තමන් එසේ කලේ ආත්මාරක්ෂාව සදහා බවයි. වන්දිය ලෙස ලේ සල්ලි ලැබීමෙන් පසු මියගිය අයගේ පවුලේ ඥාතීන් ඔහුට සමාව දෙන ලදී.

පකිස්ථානයේ නීතියට අනුව මිනීමැරුම් මේ ආකාරයට විසදිය හැක.

නමුත් පැමිණිල්ලේ නිතිඥාවරු කිවේ පවුලේ උදවියගේ අත්සන් ගැනීම බලහත්කාරයෙන් සිදු වූ බවයි. නමුත් මේ සම්බන්දව පවුලේ උදවිය කිසිත් කියා නැත.

රේමන්ඩ් ඩාවිස් සිද්දියේදී ඔබාමා පරිපාලනයේ හැසිරීම හොද වුයේ නැත. ඔවුන් දිගටම කිවේ ඩාවිස් රාජ්‍ය තාන්ත්‍රික විනර්මුත්තිය මත නිදහස් කල යුතු බවයි. මේ පිලිබදව පකිස්තානු ජනතාව දැඩි ලෙස විරෝදය පළකළහ.

අල් ජසීරා ඇසුරෙන්