සා පෙළ 15000ක් පමණ සිසුන් සියලු විෂයන් අසමත්

2010 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල අද නිකුත් වූ අතර විභාගයට පෙනී සිටි 310642ක් වන සිසුගෙන් සියයට 62 ක් එනම් සිසුහු 195112 ක් උසස් පෙළ විභාගයට සුදුසුකම් ලබා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එයින් විෂයයන් නවයටම ‘එ්’සාමාර්ථය ලබා ගත් සිසුන් සිසුහු 3059 දෙනෙක් සිටින අතර විෂයන් නවයම අසමත් වූ සංඛ්‍යාව 14961 ක් බවද විභාග දෙපාර්තමේන්තුව කියයි.

සිසුන්ගෙන් 61.61% දෙනෙක් ගණිතයද 59.80% දෙනෙක් විද්‍යාවද 41.41% දෙනෙක් ඉංග‍්‍රීසියද සමත් වී තිබේ.