"මචං මට ඕව දාන්න බැහැ ..,ගෑනිගේ ජොබ් එක ගහලා යයි" - ඉරුරැස කතෘ

'ඉරුරැස" සති අන්ත පුවත් පතේ කතුවරයා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සිදු වන දුෂණ සහ අක්‍රමිකතා පිලිබඳ ලිපි පල කිරීම ප්‍රතික්ෂේප කොට ඇත. ඊට හේතුව තමන්ගේ බිරිඳ රූපවාහිනී සංස්ථාවේ සේවය කරන හෙයින් සහ ඇය ළඟදීම උසස් වීමක් බලාපොරොත්තුවෙන් සිටින හෙයින් බව " ලංකා ගාර්ඩියන්" වෙත වාර්තා වේ. අදාළ දුෂණ වාර්තා පල නොවීම පිළිබඳව උරණ වූ එම පුවත් පතේ මාධ්‍යවේදීන් පිරිසක් ලාල් වික්‍රමතුංග මහතාට ලියා ඇති අතර අදාළ ලිපිය යලිත් කතුවරයාටම ලබා දීමට ඔහු කටයුතු කොට ඇත. ලිපිය දැකීමෙන් උරණ වී ඇති කතු වරයා , " මොන ....... ක් කිව්වත් මම ඕකුන්ගේ ඒවා දන්නේ නැහැ," යැයි කියා ඇත්තේ තම ආදරණීය භාර්යාව අපේක්ෂාවෙන් සිටින උසස් වීම ගැනද මතක් කරමිනි.

Tell a Friend