යුද්ධය සහ යුධ ප්‍රදර්ශනය

Demotix Images 


නිලන්ත ඉලංගමුව


දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට විරුද්ධව පැවති අවසාන යුද්ධයෙන් ජය ගැනීමෙන් පසු ලංකාවේ දේශපාලනය සහ සමාජීය භූමිකාව වෙනස් වී ඇති අකාරය ගැන මෙන්ම මහින්ද රාජපක්ෂ එහි එකම භුක්ති විඳින්නා බවට පත් වූ අකාරය ඉතා කනගාටුදායක වන නමුත් සිදු වී ඇත්තේ එයයි. මහින්ද ගැන සහ ඔහුගේ මානසික ආතතිමය ගුණය ගැන ලේඛකයා විසින් විවිධ අවස්ථා වලදී අදහස් පල කොට ඇත. ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගෙන් රාජපක්ෂ වෙන් වන්නේ රාජපකෂට වාඩා රාජ්‍යතාන්ත්‍රික නායකත්වයක් දැරීමේ කුසලතාවයක් රණසිංහ ප්‍රේමදාසට තිබුණි. ඔහුගේ ජීවිතය මුල් අවධියේ සිටම කටුක එකක් වුවත් ඔහු ඔහුගේ ඥානය මෙහෙයවා කටයුතු කිරීමට බොහෝ දුරට පරෙස්සම් වූ නායකයෙකි. නමුත් රාජපක්ෂ තමන්ගේ කටයුතු මෙහෙයවීම සඳහා අනෙකා පාවිච්චි කිරීම ඉන් පසු ඔහු හෝ ඇය දේශපාලනමය හෝ භෞතික වශයෙන් ඝාතනය කිරීම මේ දක්වා පෙන්වා ඇති ගුණය වේ. රාජපක්ෂ ක්‍රමෝපායිකව ගනුදෙනු කිරීමේ හැකියාව වෙනුවට පේනවා ඇත්තේ චන්ඩිකම සහ ගොන් කමයි. එය සමාන වන්නේ ඉතා අලංකාර අං තටුටුවක් හිමි වී තිබු එක්තරා ගෝනෙකු මුහුණ දුන් අකර දැබ්බයටය. ඊට අනුව සෑම අවස්ථාවකදීම ජලය පානය කිරීමට යනවිට තමන්ගේ අං තට්ටුව දෙස බලා උඬගු වූ ගෝනා තමන්ගේ කෙට්ටු කකුල් දෙක දෙස බලා දුක් වෙන්නේය. ඒ ඒවා තමන්ගේ අං තටුටුවට සරිලන සේ හැඩ නැති හෙයිනි. දිනක් කොටියෙකු අදාළ ගෝනා පිටුපස හඹා යයි. කොටියාගෙන් බේරීමට හැකි පමණ වේගයෙන් දිව යන ගෝනාගේ අං ගසක පැටලීම නිසා ඔහු මරා ගැනීමට කොටියාට හැකි වෙයි.

යුද්ධය දිනීම සාමුහික ප්‍රයතනයක ප්‍රතිපලයක් මිස කිසිවෙකුගේ තනි වෑයමක් නොවේ. එසේම එය කාලාන්තරයක් තිස්සේ සිදු වූ ක්‍රියාදාමයක ප්‍රතිපලයකි. ඒ සඳහා ආරක්ෂක අංශ වල සහ සිංහල සමාජයේ උද්‍යෝගය මෙන්ම කොටි සංවිධානයේ අභ්‍යන්තර අර්බුදයන්ද එක ලෙස බල පෑවේය. එහෙත් යුද්ධයෙන් පසු රාජපක්ෂ මේ සියල්ලම කේන්ද්‍රගත කොට තමන්ගේ ප්‍රතිරූපය සහ බලය වැඩි කර ගැනීම මුලික වුවමනාව ලෙස තබා කටයුතු කළේය. යුධ ජයග්‍රහණය වූ කලි ගෝනාගේ අං තට්ටුව හා සමාන වුවද ඒ සඳහා ගිය මාවත වූ කලී ගෝනාගේ කකුල් දෙක හා සාමානය. යුද්ධයෙන් පසු අපට සිදු වූයේ අං තටුටුවේ හැඩ බල බලා සිටීමට මිස පශ්චාත් යුධමය තත්වයෙන් ගොඩ ඒම සඳහා සැලසුම් සකස් කිරීමට නොවේ. එකී සැලසුම් සකස් වුයේ ඉන්දියාවේ හෝ චීනයේ වුවමනා එපාකම් වලට අනුව සහ අනුගමනය කළ යුතු නීති මාලාවෙන් පිට පැන අත්සන් කරනු ලැබූ ගිවිසුම් වලිනි. තමන්ගේ ස්වාධීනත්වය රඳා පවතින්නේ කොතරම් දුරට තමන් විසින් නිර්මාණය කර ගත් කිසිවෙකුට සොරකම් කළ නොහැකි පදනම මත මිස වෙන අයෙකු විසින් සකස් කරනු ලබන පදනමක තනනානු ලබන ක්‍රමෝපායන් වලින් නොවේ. මෙය තේරුම් ගැනීම ඉතා සරලය. ජපානය විසින් තැනූ රුපවාහිනිය විකුණා ගැනීම සඳහා රුපවාහිනී නාලිකා තාක්ෂණය ඇතැම් රටවලට ජපානය විසින් නොමිලේ ලබාදෙනු ලැබීම හා සාමානය. මාඕ සේතුං, සැලසුම් සකස් කිරීම කාමර වල කළ යුතු බවත් ඒවා ක්‍රියාත්මක කිරීම පිටත සිදු කළ යුතුබවත් කියන්නේ මෙයයි.

නමුත් රාජපක්ෂ සිදු කරමින් සිටින වැඩපිළිවෙලින් සිදු වන්නේ රටේ ස්ථාවර ණය වැඩි වීම සහ විදේශ රටවල ගෘහ සේවයේ යෙදෙන අයවලුන්ගෙන් ලැබෙන ආදායම මත යැපීම එකම විකල්පය බවට පත් වීමයි. මෙය උගන්ඩාවේ ඉඩි අමීන්ගේ ආරථික සැලසුම හා සමාන වේ. ලංකාවේ ක්‍රමය ඛේදනීය විහිළුවක් බව තේරුම් ගත හැක්කේ වෙනත් රටක නීතියේ ආධිපත්‍ය සහිතව ක්‍රියාත්මක වන සමාජ සංස්ථාවක ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය සමඟ සන්සන්ධනය කිරීමේදීය. මෙහිදී මතක තබා ගත යුත්තේ මීළඟ දශකය තුළ ලෝකයේ ඇතිවන මුලික ගැටලුව වන්නේ නීතියේ ආධිපත්‍ය ( rule of law ) පිළිබඳ ගැටලුව සහ ධුෂණය නොඉවසීම පිළිබඳ සාමාජීය කතිකාවයි. රටක සහ එහි සමාජයේ කොඳු නාරටිය වන එය රාජපක්ෂ විසින් මේ වන විටත් ඝාතනය කොට ඇත. රාජපක්ෂට අනුව එය ඔහුගේ මිලිටරිය මඟින් පාලනය කළ හැකිය. නමුත් රාජපක්ෂ නොදන්නේ මිනිස් මනස තුළ සිදු වන සීග්‍රගාමී විප්ලවයයි. රාජපක්ෂට යහපාලනයේ මුලිකාංග වලට ගරු කරමින් ආයතන වලට ලැබිය යුතු ස්වාධීන බලය ලබා දීමට නොහැකි වුවහොත් එය පුපුරා යාම සිදු වන්නේ වෙනත් ආකාරයකයට. එවිට වෙන කාටත් වඩා කොටි සංවිධානය නැති කිරීම ගැන දුක් වන්නේ රාජපක්ෂ වනු ඇත.

මෙය තව දුරටත් තේරුම් ගැනීම සඳහා මේ වනවිට ලංකාවේ සිදු කරන යුධ ප්‍රදර්ශන පිළිබඳ සැලකීම වැදගත් වේ. යුද්ධයෙන් පසු එය මහජනතාවට ප්‍රදර්ශනය කිරීම සඳහා ලංකා ආණ්ඩුව වියදම් කොට ඇති මුදල් ප්‍රමාණය කෙතරම් දැයි නිවැරදි වාර්තා තවමත් නැමති නමුත් එය අති විශාල බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙවැනි ප්‍රදර්ශනවල අර්ථය තමන්ගේ වීරත්වය ජනතාව අතර පැලපදියම් කිරීමද එසේත් නැතහොත් මානසික ආතතිය සහ ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය පාලනය කිරීම සඳහා වන මානසික මෙහෙයුමක්ද යන්න කල්පනා කිරීම වටින්නේය. රාජපක්ෂ දේශපාලනික වශයෙන් ඇද වැටී ඇති ආඝාදය සහ රටේ බහුතරයක් වන ජනතාව මුහුණ දී අති දුෂ්කර තත්වය වෙනස් කළ හැක්කේ මෙවැනි මුදල් නාස්ති වලින් පෙන්වනු ලබන මැජික් වලින් පමණි. පසුගිය දිනවල පැවැත් වූ ගුවන් හමුදාවේ ප්‍රදර්ශනයෙන් එය මානව දක්නට ලැබුණි. මේවා රටක මිලියනයකට වැඩි පිරිසක් අනාථයින් වී සිටින සහ ආර්ථිකමය වශයෙන් දැඩි දුෂ්කරතා වලට මුහුණ දී සිටින අවස්ථාවක තමන්ගේ බලය රැක ගැනීම සහ මානසික වශයෙන් මහජනයා නිහඬ කිරීමේ පිළිවෙත් මිස වෙන කිසිවක් නොවේ. සැබවින්ම වෙනත් සංවර්ධන වූ රටවල මෙවැනි නාඩගම් තබා තම සනන්ද්ධ හමුදාවවත් ප්‍රදර්ශනය කරන්නේ නැත. ඊට හේතුව අදාළ රජයන් සාමාන්‍ය වැසියාගේ නිදහස, මානසික ලිහිල් වීම වෙනුවෙන් කැප වී සිටීමය. නමුත් ලංකාව කරමින් සිටින්නේ ඊට හාත්පසින්ම වෙනස් ක්‍රමයකි. මෙය යම් තාක් දුරකට පවතින තත්වය තමනට වාසි දායක වන ලෙස පවත්වා ගැනීමට හේතු වන නමුත් එය තත්කාලීන සමාජීය පැවැත්මක් සඳහා හේතු නොවේ. රාජපක්ෂ ආණ්ඩුව යුද්ධය දිනීමෙන් පසු පෙන්වා ඇත්තේ ප්‍රදර්ශන වලට ඇති ලැදියාව සහ තමන්ගේ පුද්ගලික ප්‍රතිරූපය ඉහල නැංවීම සඳහා මැජික් පෙන් වීම හැර වෙන කිසිවක් නොවේ. අනෙක් බයිලා සියල්ල පිටුපසම ඇත්තේ චීනය හෝ වෙනත් රටකට ඔනෑ පරිදි ලණු කෑම මිස රටේ සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් කැපවීම නොවේ. මෙහි කෙලවර විය හැක්කේ අඹුඩය ගැන නගරයේ සිසුනට ඉගැන්වීමට ගිය ගුරුවරයාට අම්බුඩය පෙන්නීමට ගිය අවස්ථාවේදී එය ඇඳ ගෙන ඒමට අමතක වූ බව තේරුණේ තමන් නිරුවත් වූ පසුව හා සමානය.

Tell a Friend