නැවැත පදිංචිය ස`දහා අනුමතකළ පාසල් ඉඩමිවල මිනීවළවල්

වලිගාමමි උතුරු ප්‍රදේශයේ නැවැත පදිංචිය ස`දහා අනුමතකළ පාසල් ඉඩමිවල මිනීවළවල් ඇතිබවටත් මෙම ප්‍රදේශයේ මහ පරිමානයේ වධකාගාරද තිබිය හැකිබවත් ජනතාව අතර බියක් ඇතිවී තිඛෙි.

අධි ආරක‍ෂක කලාපවල නැවැත පදිංචි කිරීමි පමාවීමට මෙයද හේතුවක් වියහැකිබවට සැකපලවී තිඛෙි.

මෑතකදී නැවත පදිංචිය ස`දහා අනුමතකළ වසවිලාන් මධ්‍යම මහා විදුහල් පරිසරයේ වධකාගාර තිබීම ජනතාව විසින් දැක තිඛෙි. නමුත් දින කීපයක්තුල හමුදාව විසින් එය සියල්ල විනාශකර ඇතයි වාර්තාවෙි. එහිදි වසාදැමූ අ`දුරු කාමරද ලේ පැල්ලමිද දැක්නට ලැබුණු බවට ඔහු පවසා සිටියි - ඡායාරූප ඇතුලත් කර තිඛෙි - තවද ලී වලින් සෑදූ ඇ`දවල්ද අත් බැදීම ස`දහා කටුකමිබිද එහි තිබී තිඛෙි. කෙසේ වෙතත් මෙි සමිබන‍ධයෙන් හමුදා නිළධාරීන්ගේ අවධානයට ගෙනඒමෙන් පසු වහා එහි පැමිණි හමුදා නිළධාරීන් එහි පැමිණ සිටි ජනතාව පිටත්කර යවා එහි තිබුණු සියල්ල අතුගාදැමීමෙන් පසු පාසල නැවැත ලබාදී ඇතයි වාර්තාවෙි.

වලිගාමමි උතුරු ආරක‍ෂක කලාපයේ නැවැත පදිංචියට අනුමතකළ ප්‍රදේශවල තැනින් තැන මෙවැනි සාධක දැක්නට තිඛෙි. යාපනයේ අතුරුදහන්වූ දහස් ගණන් තරුණයන් ගැන මෙතෙක් කිසිම තොරතුරුවක් නැත. ඔවුන් බරඅවි වාහනවලින් අධි ආරක‍ෂක කලාපවලට ගෙනගිය බවටද සාධක හෙලිවී තිඛෙි. නමුත් මෙතෙක් ඔවුන් කිසිවෙක් නැවැත පැමිණ නැහැ ඔවුන් මෙවැනි වධකාගාරවල වධහිංසා කිරීමෙන් පසු ඝාතනය කර ඇතිබවට සැකකෙරේ.

මෙි අතර වන්නි යුද්ධයේදී අත්තඩංගුවට පත්වූ කොටි ත්‍රස්තවාදීන් පිරිසක් පලාලියේ පිහිටි ර`දවුමි ක`දවුරුවල සිරකර තිඛෙනබවට ජිටිඑන් වාර්තාකරු විසින් නිෂ්චිතව තහවුරුකර තිඛෙි. තෙල්ලිපෙලෙ හී මෙවැනි විශේෂවූ ක`දවුරක් තිබුණු නමුත් එය හදිසියේම වසාදමා තිඛෙි. එහි සිටි පිරිස රැගෙනගියෝ කොහේදැයි මෙතෙක් කිසිම තොරතුරක් නැත. මෙවැනි තත්වයක මත වලිකාමමි උතුරු අධි ආරක‍ෂක කලාපයතුල හමුදා වධකාගාර ඇතිබවට සැකයක් මතුවී තිඛෙි.

Tell a Friend