නලින්ගේ ලිඛිත පැමිණිල්ල කියවන්න; පොලිසිය ගැන දැන ගන්න !


01. සභාපති,
මානව හිමිකම් කොමිෂන් සභාව,
108, බාන්ස් පෙදෙස,
කොළඹ 07

02. සභාපති,
ජාතික පොලිස් කොමිෂන් සභාව,
3 වන මහළ, රොටුන්ඩා ටවර් ,
අංක 109,ගාලුපාර,
කොළඹ 03

03. පොලිස්පති
පොලිස් මූලස්ථානය,
කොළඹ

04. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී,
ජ්‍යෙ.පො.අ.කාර්යාලය,
ඇල්පිටිය.

ලිඛිත පැමිණීල්ල

මුරුක්කුවාදුර නලින් ප‍්‍රසන්න ද සොයිසා, වයස අවු: 35යි, අවිවාහක, රැුකියාව : ගොවිතැන
ලිපිනය : 59/2, ප‍්‍රධාන වීදිය, මනම්පිටිය,පොළොන්නරුව. 2008.11.17 දිනදීය.

මා විසින් ඔබ වෙත යොමු කරන ලද 2008.11.17 දිනැති පැමිණිල්ල හා බැදේ.

එම පැමිණිල්ලෙන් අනතුරුව - අම්බලන්ගොඩ පොලිස් අධිකාරී විසින් මාව ගෙන්වා කටඋත්තර ගනු ලැබුවා. ගාල්ල අපරාධ විමර්ශණ අංශයද දිගින් දිගටම මට පොලිසියට පැමිණෙන ලෙසටත්, කටඋත්තරයක් ලබාගතයුතු බවටත් බලපෑම් කල අතර, ඒ අනුව මාගේ සොහොයුරා වන ඩී.සිසිර තාබෲ හා නිමල් නැමැති හිතවත් අයකු විසින් 2008.12.08 දින පෙරවරුවේ මාව ගාල්ල අපරාධ විමර්ශන අංශයට ගෙනගොස් බාරදෙනු ලැබුවා. එහි නිලධාරින් මාගේ මුදල් පසුම්බිය පරීක්ෂාකර බලා, එහි තිබූ මාගේ ජායාරූප දෙකක්, මා ලගතිබූ මැණීක් ව්‍යාපාරකයෙකුගේ හා රත්තරන් බඩු කඩයක විසිටින් කාඞ් දෙකක් හා අම්බලන්ගොඩ පොලිස් අධිකාරීවරයාගේ දුරකථන අංකය ඇතුලත් කොළ කැබැල්ලක් ඔවුන් බාරයට ගත්තා.

අනතුරුව තරු 3ක් සහිත නිළ ඇදුමින් සිටි නිලධාරියෙක් පැමිණ මාගේ බෙල්ලෙන් අල්ලා උස්සා, මම ගිහින් එනකම් පොඞ්ඩක් හිටපන් කියා ඔහු පිටව ගියා.නැවතත් ඔහු පැමිණ මා එම නිවසේ (2008.11.17 පැමිණීල්ලේ සදහන් සොරකම සිදුව ඇති නිවස* රත්තරන් බඩ හොරකම් කලාද ඇසුවා. මා නැහැ කිව්වා. පසුව මාව එම නිලධාරියාගේ කාමරයට ගෙන ගියා.එම කාමරයට යාබදව තිබෙන නාන කාමරයට ගොස් ඇඳුම් ගලවන්න කිව්වා.මා බයට ඇඳුම් ගැලෙව්වා.මාව සම්පූර්ණයෙන් නිරුවත් කර මා ෂර්ටි එකට යටින් ඇද සිටි බැනියමෙන් මාගේ අත්දෙක පිටුපසට කර බැන්දා. මට පහරවල් කිහිපයක් මූණට ඇගට පහර දුන්නා. පසව ඔහු උසාවියට සද්දෙ ඇහෙනවා,පොඞ්ඩක් ඔහොම හිටපන් කියා ඔහු පිටව ගියා.මා නාන කාමරය තුල බිම පෙරලී සිටියා. පැය 3කින් පමණ නැවත ඔහු පැමිණීයා.මගේ අත්දෙක ලිහිව්වා.මට ඇඳගන්න කිව්වා. පසුව මාව අපරාධ අංශයට ගෙන ගොස් බිම ඉංදවා දකුණු අතට මාංචුවක් දමා පුටු අතකට සම්බන්ධකර තැබුවා. මා සතුව තිබූ මුදල්වලින්ම මට කන්න බොන්න ගෙනත් දුන්නා. සවස 6.00 පමණ තෙක් මාව එසේ මාංචු දමා තැබුවා.

සවස 6.00ට පමණ සිවිල් ඇදුමින් නිලධාරියකු පැමිණ මාංචු ගලවා, නැවතත් මට ඇඳුම් ගලවන්න කිව්වා. එතැන මාව නාන කාමරයේ තැබූ නිලධාරියාද සිටියා. මගේ ඇස් දෙක කලුපාට රෙදිකෑලලකින් බැන්දා. පසුව මාව කොතනකට හෝ ගෙන ගියා. මාව බිම නිදිකරවූවා.

මගේ අත්දෙක උඩ හතර දෙනෙකුද, පපුව උඩද, දණහිස් දෙකේද නිලධාරීන් නැග්ගා. මූනට රෙද්දක් දමා, එම රෙද්දට උඩින් මූනට වතුර දැම්මා. මට හුස්ම ගැනීමට නොහැකිව අමාරු වුනා. ඇත්ත කියපන් උඹ හොරකම් කලා නේද කියා ප‍්‍රශ්ණ කලා.

අජන්ත මෙන්ඩිස් නොහොත් කල්ලා සහ අසෝක තාබෲ යන දෙදෙනාගේ නම් කියමින් ඔවුන් සොරකමට සම්බන්ධ ද යන්න විමසමින් මගේ මුහුණට කිහිප විටක්ම වතුර දැම්මා.

මට වේදනාව දරාගන්න නොහැකිවූ අතර, මා සොරකම් කල බවට පිළීගත්තා. පසුව මගේ ඇගඋඩ සිටි නිළධාරීන් ඉවත්ව මාගේ බැමි ලිහිව්වා. මාව වෙනත් කාමරයකට ගෙන ගියා. එහිදී මගෙන් ඇසුවා කොහොමද සොකරම් කලේ කියා. මා කීවා මම ටෝච් එක් ඇල්ලුවා, කල්ලයි ආබෲයි තමයි ගේ බින්දේ, මම පාර බැලුවා කියා. එවිට මගෙන් ඇසුවා හොරකම් කරපු රත්තරන් බඩු තිබීබේ් කොහේද කියා. මා කීවා මල්ලිගේ ගෙදර වතුර මෝටරය ලග කියා. එවිට මූ බොරු කියන්නේ කියා නැවත මාව වතුර දැමූ තැනට ගෙන ගොස් පෙරසේම බැද, පෙර සේම වතුර මූණට දැම්මා.

නැවතත් මා පිළීගත්තා මම සොරකම් කල බව. මාව ලිහා පෙරගෙන ගිය කාමරයටම නැවත ගෙන ගියා. එහි මේසයක් උඩ උඩු අතට මාව නිදිකරවා දෙපාවලට පොල්ලකින් පහර දුන්නා. මා පෙරසේම කල්ලා හා ආබෲ ගැන පවසා සිටියා. මා කියනාදේ ජංගම දුරකථනයකින් පටිගත කලා. එලෙස රාත‍්‍රී 12.00පමණ වන තෙක් මාව නිරුවතින් තබාගෙන වධ දුන්නා.

ඉන් අනතුරුව මාව ලිහා මට ඇඳුම් ඇදගන්න කිව්වා. මා ඇඳගත්තා. ඒ වන විට මා ඉතා අමාරු තත්වයේ සිටියේ. මා දුටුවා සොරකම සිදුවුනා යයි කියනු ලබන නිවසේ අයිතිකරු වන ආනන්ද යන අයද එතැන සිටියා. ඔහු ඇද සිටි දිග කලිසම තෙමී තිබුනා. ඔහු කලිසම යටින් උඩට නවාගෙන සිටියේ. ඔහුත් පොලිස් නිළධාරීන් සමග එක්ව මට හිරිහැර කලාදැයි මට සැක සිතුනා.

පසුව මාව පොලිස් ජීප් රථයෙන් ගාල්ල පොලිසියට ගෙන ගියා. එහි කූඩුවට දැම්මා. පසුදින එනම් 2008.12.09 දින උදේ 8-9 පමණ කූඩුවෙන් එළීයට ගෙන මගෙන් කටඋත්තර ගත්තා. ඊට මගෙන් අත්සන් ගත්තා. ලියූ දේවල් කියවීමට දුන්නේ හෝ කියවා තේරුම්කර දුන්නේ නැහැ. පසුව මගෙන් හිස් කොළ 10කට අත්සන් ගත්තා.

අනතුරුව එදින (09 දින* උදේ 10.00 ට මාව අපරාධ අංශයේ වෙනත් උසස් නිළධාරියකු වෙත ගෙන ගියා. එම නිළධාරීවරයා උඹ රත්තරන් බඩු ගත්තද ඇහුවා. මම නැහැ කිව්වා. එවිට එම නිළධාරියා අශෝක තාබෲ ගැන අසා, උඹ බයවෙන්න එපා, ඌව ආපහු එවන්නේ නැහැ කිව්වා. පසුව මාව සුදුපාට වෑන් එකකින් හංගපු රත්තරන් බඩු ගන්න කියා එක්කගෙන ගියා. මාව ගෙන ගියේ මාංචු පිටින්මයි.

මුලින්ම සොරකම සිදුවුවා යයි කියනු ලබන නිවසට ගොස් එම වත්ත මැදින් මගේ මල්ලිගේ නිවසට ගියා. මා රත්තරන් බඩු හැංගුවා යයි කියූ තැන පරීක්ෂා කලා. එවැනි දේවල් නොතිබු බැවින් මූ බොරු කිව්වේ කියා පැවසුවා. එතැන මාගේ ඥාතීන් ද සිටියා. පසුව සොරකම වුනා යයි කියන නිවසට ගොස් පොලිස් නිලධාරීන් එම නිවසින් තේ බිව්වා. නැවතත් අජන්ත නොහොත් කල්ලාව සෙවීමට කියා වාද්දුව ප‍්‍රදේශයට වනතෙක් පැමිණීයා. ඔහුව හමවුනේ නැහැ. නැවතත් ගාල්ලට පිටත්වුනා. මාව කෙලින්ම ගාල්ල -කරාපිටිය රෝහලට ගෙනගියා. එහි අධීකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත මාව යොමු කලා. පොලිස් නිළධාරියකු අධිකරණ වෛද නිලධාරීවරයා සමග ඉංග‍්‍රීසියෙන් කතාකලා. මට තේරුනා පොලිස් නිලධාරියා අධීකරණ වෛද්‍ය නිලධාරීවරයාට පවසනවා මාව අල්ලාගත් බව. පසුව පොලිස් නිළධාරියාව එළියට යවා අධීකරණ වෛද්‍ය නිලධාරීවරයා මාව පරීක්ෂා කලා. පොලිස් නිළධාරියා එළීයට ගියා. මා වෛද්‍යවරයාට කිව්වා මාව අල්ලා ගත්තේ නැහැ. මගේ සහෝදරයා හා තවත් අයකු මාව ගෙනවිත් ඔවුන්ට බාරදුන් බව. වෛද්‍යවරයා මගෙන් විස්තර ඇසුවා. මම කිව්වා මට පොලිසිය පහරදුන් බව. මගේ පපුව රිදෙන බව මා ප‍්‍රකාශ කලා. එවිට මාව රෝහලේ නැවැත්වීමට නියම කලා. ඒ අනුව මාව රෝහලේ නැවැත්වූවා (වාටීටුව මතකයේ නැත*. පොලිස් නිළධාරියකු මා අසල වාටීටුෙටීව් නැවතුනා.

රෝහලේ නතර කර පැයකින් පමණ මහේස්ත‍්‍රාත්වරයා මා වෙත පැමිණීයා. මහේස්ත‍්‍රාත්වරයාගේ නියමයෙන් මගේ මාංචු ගැලෙව්වා. මහේස්ත‍්‍රාත්වරයා මාගෙන් විස්තර ඇසුවා. මා පවසා සිටියා මට කරන ලද වධහිංසා පිළිබදව. මහේස්ත‍්‍රාත්වරයා ඒවා සටහන් කරගත්තා. පසුව මහේස්ත‍්‍රාත්වරයා පිටව ගියා. පිටව ගිය පසු නැවත මට මාංචු දැම්මා.

පසුදින එනම් 2008.12.10 දින උදේ මගේ පපුවේ ඞ කිරණ ලබාගත්තා.

එදින (10 දින* දහවල් බන්ධණාගාර නිලධාරීන් පැමිණ මාව බාරගත්තා. මාව ගාල්ල බන්ධණාගාරයට ගෙන ගියා. 2008.12.17 දින ගාල්ල උසාවියට ගෙනආවා. නිවසක් මංකොල්ල කෑම යන ව්‍යාජ චෝදනාව මට නගා තිබුනා.

2008.12.18 දින බලපිටිය මහේස්ත‍්‍රාත් අධීකරණයට මාව යොමු කර, එහිදී ඇප ලබාදුන්නා. මුදලින් රුපියල් 1000/=ක් හා රුපියල් පනස්දහසක් වටිනා ශරීර ඇපයක් මත මාව මුදාහැරියා. නඩු අංකය 7159 වේ. තවමත් එම නඩුව පවතී. නැවත නඩුව 2011.06.01 දිනවේ.

මා ඉල්ලා සිටින්නේ, ගාල්ල අපරාධ විමර්ශණ අංශය මගින් කරන ලද කැදවීමට එහි ගියපසු මා අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන මට වධහිංසා කිරිම සම්බන්ධයෙන් එම නිලධාරීන්ට එරෙහිව නීත්‍යානුකූල හා විනයානුකූල පියවර ගෙන, මට සාධාරණය ඉටු කරනා ලෙසටයි.


නලින් ප‍්‍රසන්න ද සොයිසා.